Home » කෙහෙ­ළිය අත්අ­ඩං­ගු­වට ගන්නැයි බල කළ උද්ඝෝ­ෂ­ණය නඩුව මාර්තු­වට කල් යයි

කෙහෙ­ළිය අත්අ­ඩං­ගු­වට ගන්නැයි බල කළ උද්ඝෝ­ෂ­ණය නඩුව මාර්තු­වට කල් යයි

by damith
November 9, 2024 1:03 am 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක

නිසි නීති උප­දෙස් ලබා දී තිබි­ය­දීත් සාප­රාධී මූල්‍ය පරි­හ­ර­ණය හා සාප­රාධී මනුෂ්‍ය ඝාත­න­ව­ලට වග­කි­ව­යුතු හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහතා අත්අ­ඩං­ගු­වට ගැනීම ප්‍රමාද කරන්නේ කුමන පද­න­ම­කින් ද යන්න විම­ස­මින් හිටපු සෞඛ්‍ය ඇමැ­ති­ව­රයා අත්අ­ඩං­ගු­වට ගන්නා ලෙස බල­ක­ර­මින් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව ඉදි­රි­පිට උද්ඝෝ­ෂ­ණ­යක් සිදු කළ බවට අත්අ­ඩං­ගු­වට ගෙන ඇප මත මුදා හැර ඇති වෛද්‍ය චමල් සංජීව , අල්ලස දූෂ­ණ­යට එරෙහි පුර­වැසි බලය සංවි­ධා­නයේ සභා­පති කාමන්ත තුෂාර ඇතුළු එහි සාමා­ජි­ක­යන් 10 දෙනාට එරෙහි නඩුව ලබන වසරේ මාර්තු මස 7 වනදා යළි කැඳ­වන ලෙස කොටුව මහේ­ස්ත්‍රාත් තනූජා ලක්මාලි මහ­ත්මිය ඊයේ (08) නියෝග කළාය.

සැක­ක­රු­වන්ට එරෙහි නඩුව විවෘත අධි­ක­ර­ණය හමුවේ කැඳවූ අව­ස්ථා­වේදී මේ නියෝ­ගය සිදු කළ මහේ­ස්ත්‍රා­ත්ව­රිය අධී­ක­ර­ණයේ පෙනී නොසිටි මගෙන් රටට සංවි­ධා­නයේ සභා­පති සංජය මහ­ව­ත්තට වරෙන්තු නිකුත් කළාය.

කොටුව පොලී­සිය විසින් සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරි­මෙන් අන­තු­රුව රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර පසුව ඇප මත මුදා හැර ඇත්තේ මගෙන් රටට සංවි­ධා­නයේ සභා­පති සංජය මහ­වත්ත, වෛද්‍ය චමල් සංජීව ජාමුනි කාමන්ත තුෂාර, රංජිත් කඹු­රු­හේන, ෂෙහාන් ටයි­ටස් බර්නර්ස්, සංජීව ධම්මික හේම­සිරි, ප්‍රගීත් චානක, නෝනා මොරින් නූර් සහ චාන්දනී පෙරේරා යන අය වෙති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT