Sunday, May 11, 2025
Home » ව්‍යාපා­රි­ක­යකු ගෙනා ලක්ෂ 28ක රන් පෙන්ඩන් 4ක් කටු­නා­ය­කදී සොරා­ගත් ව්‍යාපා­රික කතක් කොටු වෙයි

ව්‍යාපා­රි­ක­යකු ගෙනා ලක්ෂ 28ක රන් පෙන්ඩන් 4ක් කටු­නා­ය­කදී සොරා­ගත් ව්‍යාපා­රික කතක් කොටු වෙයි

by damith
November 9, 2024 1:03 am 0 comment

කටු­නා­යක - ටී.කේ.ජී. කපිල

ව්‍යාපා­රි­ක­යකු මෙර­ටට ගෙනා රුපි­යල් ලක්ෂ 28කට ආසන්න වටි­නා­ක­ම­කින් යුත් රන් පෙන්ඩන් 4ක්, කටු­නා­යක ගුව­න්තො­ටු­පොළේ දී සොරා­ගෙන ගිය තවත් ව්‍යාපා­රික කාන්තා­වක් පෙරේදා (07) ගුවන් තොටු­පොළ පොලි­සිය මගින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබීය.

මේ සිද්ධියේ පැමි­ණි­ලි­කරු කොළඹ 10 ප්‍රදේ­ශයේ පදිංචි 45 හැවි­රිදි අයකු වන අතර, විවිධ භාණ්ඩ වර්ග මෙර­ටට රැගෙන විත් අලෙවි කිරීමේ ව්‍යාපා­ර­යක යෙදී සිටින ව්‍යාපා­රි­ක­යකු බව පොලි­සිය කියයි. පැමි­ණි­ලි­කරු ඉකුත් 6 වැනිදා අලු­යම 5.00ට ඩුබායි සිට ශ්‍රීල­න්කන් ගුවන් යාන­යෙන් කටු­නා­යක ගුවන් තොටු­පො­ළට පැමිණ තිබිණි. ඔහු ග්‍රෑම් 118යි මිලි ග්‍රෑම් 980ක් බරැති රත්ත­රන් පෙන්ඩන් 4ක් මෙර­ටට රැගෙන විත් තිබූ බව පොලී­සිය සඳ­හන් කරයි.

චොක්ලට් ලෙස පිටට පෙනෙන අයු­රින් ඇසුරූ අසු­ර­ණ­යක දමා තිබූ මේ රන් පෙන්ඩන් හතර පැමි­ණි­ලි­කරු විසින් ඇගේ ට්‍රොලි­යට දමා ඇත්තේ පිට­වීමේ කවු­න්ට­ර­යේදී නැවත තමාට ලබා දෙන ලෙස ඉල්ල­මින් බව ද පොලී­සිය කියයි. එහෙත් සැක­කාර ව්‍යාපා­රික කාන්තාව ගුවන් තොටු­පොළේ පරි­ලෝ­කන යන්ත්‍ර‍ ­ම­ගින් අදාළ බෑග පරී­ක්ෂා­වට ලක් කිරී­මෙන් පසු පැමි­ණි­ලි­ක­රුට අයත් බෑගය ඔහුට ලබාදී ගුව­න්තො­ටු­ප­ළින් පිටව ගොස් ඇතැයි ද පොලී­සිය සඳ­හන් කරයි.

පසුව බෑගය පිරි­ක්සී­මේදී පෙන්ඩන් සහිත බෑගය නැති බව දැන­ගත් පැමි­ණි­ලි­කරු මේ සම්බ­න්ධ­යෙන් පොලී­සි­යට පැමි­ණිලි කර ඇත. ඒ අනුව පරී­ක්ෂණ මෙහෙය වූ පොලී­සිය මීතො­ට­මුල්ල, වැල්ල­ම්පි­ටිය ප්‍රදේ­ශයේ පදිංචි 43 හැවි­රිදි කාන්තා­වක අත්අ­ඩං­ගු­ව­ට­ගෙන තිබිණි.

මේ කාන්තාව ව්‍යාපා­රි­කයා විසින් ගුව­න්තො­ටු­ප­ළේදී කර­ත්ත­යක දමා­ගෙන පිට­තට රැගෙන එමින් තිබූ බෑග­යක ආර­ක්ෂි­තව දමා තිබුණු රන් පෙන්ඩන් හතර සොර­කම් කර ඇති බව විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී තිබේ. ග්‍රෑම් 1 19ක් පමණ වූ බරක් සහිත එම පෙන්ඩන් හතර ව්‍යාපා­රි­කයා ඩුබා­යි­හිදී මිල­දී­ගෙන තිබූ බව සඳ­හන්ය. එම රන් භාණ්ඩ බෑගයේ ඇති බව දැන සිටි කාන්තාව එය සොරා­ගෙන ඇතැයි පොලී­සිය කියයි. කාන්තාව සොරා­ගත් රන් භාණ්ඩ සමඟ අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. ඇය අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබිණි. සොරා ගැනී­මට ලක්වූ රන් භාණ්ඩ නීත්‍ය­නු­කූ­ලව මෙර­ටට රැගෙන එමින් තිබූ ඒවා­දැයි රේගු පරී­ක්ෂ­ණ­යක්ද ක්‍රියා­ත්ම­කය.

කටු­නා­යක ගුවන් තොටු­පළ පොලී­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක එල්මෝ මැල්කම් පේට් මහ­තාගේ උප­දෙස් යටතේ පොලිස් පරී­ක්ෂක ප්‍රනාන්දු, පොලිස් සැර­යන් (38226), (85188) දිලංග සහ කාන්තා පොලිස් කොස්තා­පල් (12160) සෙව්වන්දි යන නිල­ධා­රීහු සිද්ධිය සම්බ­න්ධ­යෙන් විම­ර්ශන සිදු­ක­රති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT