මෙරටට පැමිණි සිංගප්පූරු පුවත්පත් සමාජයේ (Singapore Press Club) නියෝජිතයන් සහ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ජාත්‍යන්තර විකුණුම් හා බෙදාහැරීම් ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා අතර හමුවක් පසුගියදා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොළඹ පිහිටි කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී කොළඹ සහ සිංගප්පූරුව අතර ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් ක්‍රියාත්මක කරනු ලබන ගුවන් මෙහෙයුම් සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කෙරිණි.
මේ අවස්ථාවට එක්ව සිටි ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ නිලධාරීන් ශ්‍රීලංකන් ගුවන් සේවය දෙරට අතර සංචාරක සබඳතා නංවාලීම සඳහා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන ආකාරය ඇතුළු සහයෝගිතාව වර්ධනය කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.
සිංගප්පූරු පුවත්පත් සමාජයේ නියෝජිතයෝ දෙරට අතර සහයෝගිතාව වර්ධනය කරගැනීමේ අවස්ථා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයන්ද හමු වූහ. එමෙන්ම මෙරට සම්ප්‍රදායික හා සංස්කෘතික ආකර්ෂණීය ස්ථාන, දේශීය ආහාරපාන, සුන්දර වෙරළ තීරයන්, ස්වාභාවික මංපෙත් සහ සාප්පු සවාරි ඇතුළු විනෝදාස්වාද අංගයන් අත්වින්දහ.
සිංගප්පූරු පුවත්පත් සමාජය (Singapore Press Club) යනු ඩිජිටල්, මුද්‍රිත සහ විද්යුත් මාධ්‍ය මෙන්ම මහජන සම්බන්ධතා සහ ආයතනික සන්නිවේදනයන් ඇතුළුව සිංගප්පූරුවේ මාධ්‍ය වෘත්තිකයන්ගෙන් සමන්විත ක්‍රියාකාරි සංවිධානයකි.