වෙන්නප්පුව, කිඹුල්ගාල, දවටගහවත්ත කොලණිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් වෙළෙඳ නියෝජිතයකු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වෙන්නප්පුව පොලිසිය කියයි.මේ සිද්ධියට සම්බන්ධ සැකකරුට සිදු වූ වැරදි වැටහීමක් හේතුවෙන් මේ වෙඩි තැබීම සිදුව ඇති බවට කරුණු හෙළිවී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි. මේ වෙඩි තැබීම පෙරේදා (07) සවස සිදුව තිබේ. වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ මාරවිල, උතුරු මූදුකටුව ප්‍රදේශයේ පදිංචි දොන් ඉන්දික උදය කුමාර වීරකෝන් නමැති අවුරුදු 43 හැවිරිදි නමැත්තෙකි.
බරපතළ තුවාල ලබා සිටින තුවාලකරු මාරවිල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට යැවීමට කටයුතු කර තිබේ. අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ඔහු දැඩි සත්කාර ඒකකයට යොමු කර ඇතැයි පොලිසිය කියයි.
තුවාලකරු ජල පෙරණ නිෂ්පාදන ආයතනයක සේවය කරන අතර එදින නිෂ්පාදන ආයතනයේ සේවය කරන තවත් අයෙක් සමඟ යතුරුපැදියෙන් එම ප්‍රදේශයට ගොස් ඇත්තේ ජල පෙරණ හඳුන්වාදීමටය. තුවාලකරු නිෙවසින් නිෙවසට ගොස් ජල පෙරණ හඳුන්වාදීමට කටයුතු කරමින් සිටියදී වෙඩි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයාගේ නිෙවසට ද ගොස් තිබේ.
ඒ අවස්ථාවේ ඔවුන් දුටු සැකකරු නිෙවසේ සැඟව සිට ඇති බවත් පසුව වෙළෙද නියෝජිතයන් දෙදෙනා පිටව ගිය පසු ඔවුන්ගේ යතුරුපැදිය පිටුපස මොහු ද යතුරුපැදියකින් ලුහුබැඳ ගොස් තිබූ බව පොලිසිය කියයි.
සැකකරු ගිනි අවියක් රැගෙන තවත් මිතුරකු ද සමඟ යතුරුපැදියෙන් වෙළෙඳ නියෝජිතයන් දෙදෙනා ලුහුබැඳ ගොස් පසුව වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ද පොලිසිය සඳහන් කරයි. එම අවස්ථාවේ යතුරුපැදිය පදවාගෙන ගිය පුද්ගලයාට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර පිටුපස ගමන් ගත් අයට අනතුරක් සිදු වී නැත. පසුව ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් කඩිනමින් තුවාලකරු මාරවිල රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත. අනතුරුව වෙන්නප්පුව පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධව දිගින් දිගටම කරන ලද විමර්ශනවලදී හෙළි වී ඇත්තේ වෙඩි තැබූ අය හෙරොයින් මත්කුඩු භාවිතය සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව පැමිණ ඇති අයකු බවත් බන්ධනාගාරගතව සිටියදී ඇති වූ සිදුවීමකට තමාට ජීවිත තර්ජනයක් ඇති බවට සැක සිතමින් නිෙවසේ රැඳී සිට ඇති බවත්ය.
එහිදී ජල පෙරණ නිෂ්පාදන ආයතනයක දෙදෙනා පැමිණියේ තමා ඝාතනය කිරීමට බව සිතා මේ වෙඩි තැබීම සිදුකර ඇති බවට කරුණු හෙළිවූ බව පොලිසිය කියයි. මේ වනවිට සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් සැඟව ඇතැයි ද පොලිසිය කියයි.
වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.