Home » ‍ෙපෟද්ගලික ආර­ක්ෂා­වට ලබා­දුන් ගිනිඅවි නැවත භාර දීමේ දිනය 21 වැනිදා අව­සන්

‍ෙපෟද්ගලික ආර­ක්ෂා­වට ලබා­දුන් ගිනිඅවි නැවත භාර දීමේ දිනය 21 වැනිදා අව­සන්

by damith
November 9, 2024 1:13 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය මඟින් පුද්ග­ල­යන්ගේ ආර­ක්ෂාව සඳහා ලබා දුන් ගිනිඅවි නැවත භාර­ දීමේ දිනය මෙම මස 21 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ. ආර­ක්‍ෂක අමා­ත්‍යාං­ශය පුද්ග­ල­යින්ගේ ආර­ක්‍ෂාව සඳහා ලබා ­දුන් බල­පත්‍ර සහිත ගිනිඅවි 2024.11.07 වැනි දිනට පෙර වැලි­සර පිහිටි නාවික හමු­දාවේ රජයේ වාණිජ පුපු­රන ද්‍රව්‍ය ගබ­ඩාව වෙත භාර­දෙන ලෙස දැනු­ම්වත් කරන ලදි.

නමුත්, දැනට විදෙ­ස්ග­තව සිටින බල­ප­ත්‍ර­ලා­භීන් වැනි විවිධ පාර්ශ්ව­යන් මෙම ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය වෙතින් සිදු­ක­රන ලද ඉල්ලීම් සලකා බැලී­මෙන් හා බල­ප­ත්‍ර­ලා­භී­න්හට ගිනි අවි සහ පත­රොම් භාර­දීම සම්බ­න්ධව ලිපි මඟින් දැනුම් දීමට ප්‍රමා­ණ­වත් කාල­යක් නොමැ­ති­වීම හේතු­වෙන් එකී කාල­සී­මාව 2024.11.07 දින සිට 2024.11.21 දක්වා දීර්ඝ කිරී­මට ආර­ක්‍ෂක අමා­ත්‍යාං­ශය තීර­ණය කර ඇති බවත්, ඒ පිළි­බ­ඳව සිය­ලුම බල­ප­ත්‍ර­ලා­භින්ට ලිඛි­තව දැනුම් දීමට ක්‍රියා කරන ලද බවත්, ආර­ක්‍ෂක අමා­ත්‍යාං­ශය සඳ­හන් කර සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT