Sunday, May 11, 2025
Home » මහින්ද රාජ­පක්ෂ රටට කළ විශිෂ්ට සේවය අගයා අපට සාධ­නීය ජන­ව­ර­මක් දෙන්න

මහින්ද රාජ­පක්ෂ රටට කළ විශිෂ්ට සේවය අගයා අපට සාධ­නීය ජන­ව­ර­මක් දෙන්න

පොදු­ජන පෙර­මුණේ මාතලේ අපේ­ක්ෂක නිශාන්ත ඩයස් බණ්ඩාර

by damith
November 9, 2024 1:03 am 0 comment

මේ රටට නාය­ක­ත්වය දුන් මහින්ද රාජ­පක්ෂ මහතා කළ විශිෂ්ට සේවාව අග­ය­මින් මෙවර පාර්ලි­මේන්තු මැති­ව­ර­ණයේ දී ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මු­ණට සාධ­නීය ජන­ව­ර­මක් හිමි­වන බව ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ මාතලේ දිස්ත්‍රික් අපේ­ක්ෂක නිශාන්ත ඩයස් බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳ­හන් කළේ බත්ත­ර­මුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණු පක්ෂ මූල­ස්ථා­නයේ දී පැවැති මාධ්‍ය හමු­වට එක්වෙ­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් නිශාන්ත ඩයස් බණ්ඩාර මහතා මෙසේද පැව­සීය.

මෙරට දේශ­පා­ල­නයේ පසු­ගිය කාලයේ කති­කා­වක් ගොඩ­නැ­ඟුණා. තරු­ණ­යන්ට අව­ස්ථාව දෙන්න ඕනෑ කීවා. පක්ෂ විප­ක්ෂව කවුරු දේශ­පා­ල­නය කළත් නිහ­ත­මා­නීව දේශ­පා­ල­න­යෙන් ඉවත් වෙලා අලුත් අයට අව­ස්ථාව දෙන්න ඕනෑ කියා ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ ගත් තීර­ණය සම්බ­න්ධ­යෙන් අපේ ගෞර­වය පිරි­න­ම­නවා. ඒ වගේම රාජ­ප­ක්ෂ­ව­රුත් මේ පක්ෂයේ නව­ක­යන්ට අව­ස්ථාව දෙන්න පිය­වර ගෙන තිබෙ­නවා. ඒ නිසා බිම් මට්ටම නියෝ­ජ­නය කළ හා දේශ­පා­ල­න­යට සම්බන්ධ නොවූ අපි වැනි අයට දේශ­පා­ල­න­යට එන්න අද අව­ස්ථාව ලැබී තිබෙ­නවා. නමුත් අපි මේ රටේ ජන­තාව සමඟ සමී­පව කට­යුතු කළ පාර්ශ්ව­යක් ලෙස මෙවර දේශ­පා­ල­න­යට එන්න අව­ස්ථාව ලැබී තිබෙ­නවා. අලුත් ආණ්ඩු­වක් හදා තිබෙ­නවා.මේ ආණ්ඩුව කරන වැඩ­පි­ළි­වෙළ සම්බ­න්ධ­යෙන් පූර්විකා නොකියා ආණ්ඩුව කරන දේ සම්බ­න්ධ­යෙන් බලා සිටි­නවා.

ජන­තා­වට දැවැන්ත වැඩ කොට­සක් කළ දේශ­පා­ලන පක්ෂ­යක්. ඒ නිසා අපට වග­කී­මක් තිබෙ­නවා. ආණ්ඩුව තව­මත් පක්ෂ දේශ­පා­ල­නයේ නිර­තව සිටි­නවා. අනුර කුමාර දිසා­නා­යක මහතා ජනා­ධි­ප­ති­ව­රයා වූවාට පස්සේ ඔහුගේ ශෛලිය සිය­යට 50කින් පමණ වෙනස් කර­ගත්තා. ජනා­ධි­ප­ති­ව­රයා හොඳයි. ඔහු සමඟ සිටින කණ්ඩා­යම දෙස අප බැලිය යුතුයි.

අද මේ ආණ්ඩුව මොකක්ද කරන්නේ කියලා කතා කරන තැනට පත්වෙලා. ඔවුන් දහ­සක් දේ කිව්වා.දේශ­පා­ලන වේදි­කාවේ ඕනෑ දෙයක් කියන්න පුළු­වන්.

මාතලේ දිස්ත්‍රි­ක්ක­යෙන් අපේ­ක්ෂ­ක­යන් අටක් ඉදි­රි­පත් කර සිටි­නවා. හත් දෙනෙක් පනහ පැනලා. මම තරු­ණ­යෙක් විදි­යට මාතලේ දිස්ත්‍රි­ක්ක­යෙන් මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වී සිටි­නවා. මහින්ද රාජ­පක්ෂ මහතා මේ රටට කළ වැඩ කොට­සට සාධ­නීය ජන­ව­ර­මක් මෙවර පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙර­මු­ණට හිමි­වෙ­නවාÓයැයි පැව­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT