68
මඩගල්ල සිට කොළඹ බලා ගමන් ගත් මහව ඩිපෝවට අයත් ලංගම බස් රථයක් ඊයේ (08) දා අලුයම 3.35ට පමණ කෝන්වැව ප්රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් රියැදුරු පමණක් සුළු තුවාල ලබා ඇතැයි මහව දිසා රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම බස් රථය මහව සිට මඩගල්ල හංදියට පැමිණ අලුයම 3.20ට පමණ කොළඹ බලා යාමට පිටත් වන්නේය. එය මහව, වාරියපොළ, කුරුණෑගල හරහා කොළඹ බලා ධාවනය වෙන බවත්, අනතුර සිදුවෙන විට මගීන් හය දෙනකු පමණක් එහි සිට ඇති බවද මහව ලංගම සේවකයෙක් සඳහන් කළේය. පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මාර්ගයේ ලිස්සා ගොස් මෙම අනතුර සිදුව ඇතැයි ද වාර්තා වෙයි.