Home » කොළඹ යන්න ගිය ලංගම බසය පෙර­ළිලා

කොළඹ යන්න ගිය ලංගම බසය පෙර­ළිලා

රියැ­දුරු රෝහලේ

by damith
November 9, 2024 1:15 am 0 comment

පොල්පි­ති­ගම - නන්දන කැලේ­ගම

මඩ­ගල්ල සිට කොළඹ බලා ගමන් ගත් මහව ඩිපෝ­වට අයත් ලංගම බස් රථ­යක් ඊයේ (08) දා අලු­යම 3.35ට පමණ කෝන්වැව ප්‍රදේ­ශයේ දී මාර්ග­යෙන් ඉව­තට පැන පෙර­ළී­මෙන් රියැ­දුරු පම­ණක් සුළු තුවාල ලබා ඇතැයි මහව දිසා රෝහල් ආරංචි මාර්ග සඳ­හන් කරයි.

මෙම බස් රථය මහව සිට මඩ­ගල්ල හංදි­යට පැමිණ අලු­යම 3.20ට පමණ කොළඹ බලා යාමට පිටත් වන්නේය. එය මහව, වාරි­ය­පොළ, කුරු­ණෑ­ගල හරහා කොළඹ බලා ධාව­නය වෙන බවත්, අන­තුර සිදු­වෙන විට මගීන් හය දෙනකු පම­ණක් එහි සිට ඇති බවද මහව ලංගම සේව­ක­යෙක් සඳ­හන් කළේය. පව­තින අය­හ­පත් කාල­ගු­ණික තත්ත්වය හේතු­වෙන් මාර්ගයේ ලිස්සා ගොස් මෙම අන­තුර සිදුව ඇතැයි ද වාර්තා වෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT