Home » පාර්ලිමේන්තු මැතිවරණයේ නීරීක්ෂණයට විදෙස් නිරීක්ෂකයන්

පාර්ලිමේන්තු මැතිවරණයේ නීරීක්ෂණයට විදෙස් නිරීක්ෂකයන්

by chanaka
November 12, 2024 9:06 am 0 comment

පාර්ලිමේන්තු මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදෙස් නිරීක්ෂකයින් 20කට අධික පිරිසක් එක්වන බව මැතිවරණ කොමිසම සදහන් කරයි.

එහි සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා සඳහන් කළේ, දකුණු ආසියානු රටවල නිරීක්ෂකයින් ඇතුළු පිරිසක් ඊට එක්වන බවයි.

මැතිවරණ කොමිසමේ ආරාධනයෙන් මෙරටට පැමිණෙන විදෙස් නිරීක්ෂකයින් ගණන 10කි.

අදාළ නිරීක්ෂකයින් රුසියාව සහ තායිලන්තය ඇතුළු රටවලින් මෙරටට පැමිණ තිබේ.

ඔවුන් අද(12) කොමිසම හමුවී සිය නිරීක්ෂණ ආරම්භ කරන බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

මේ අතර නිදහස් මැතිවරණය සඳහා වූ ආසියානු ජාලයේ නිරීක්ෂකයින් ඊයේ මැතිවරණ කොමිසම හමුවී සිය නිරීක්ෂණ කටයුතු ආරම්භ කළ බව ද මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT