Home » කොටුවේ සිට තලෙයිමන්නාරමට යළි දුම්රිය ගමන් ඇරඹේ

කොටුවේ සිට තලෙයිමන්නාරමට යළි දුම්රිය ගමන් ඇරඹේ

by chanaka
November 12, 2024 9:48 am 0 comment

කොළඹ කොටුව සිට තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවනය අද (12) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් දැනට තාවකාලිකව නවතා තිබූ තලේමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය මෙලෙස ආරම්භ කිරීමට කටයුතු සැලසුම්කර ඇති බව එම දෙපාර්තමේන්තුව සදහන් කළේය.

ඒ අනුව කොළඹ සහ තලේමන්නාරම අතර පහත පරිදි දුම්රිය ධාවනය සිදු කෙරේ.

කොළඹ කොටුව – තලෙයිමන්නාරම
2024.11.12 දින සිට – කොළඹ කොටුව පිටත්වීම ප.ව. 16.15 තලෙයිමන්නාරම ළඟාවීම ප.ව. 22.15

තලෙයිමන්නාරම – කොළඹ කොටුව
2024.11.13 දින සිට – තලෙයිමන්නාරම පිටත්වීම පෙ.ව. 04.15 කොළඹ කොටුව ළඟාවීම පෙ.ව. 10.15

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT