Home » ඡන්දෙ දාන්න යන අයට විශේෂ බස් සහ දුම්රිය සේවා

ඡන්දෙ දාන්න යන අයට විශේෂ බස් සහ දුම්රිය සේවා

by chanaka
November 12, 2024 3:15 pm 0 comment

පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (12) සිට විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කර තිබේ.

එහි සභාපති රමල් සිරිවර්ධන මහතා සදහන් කළේ ලංකා ගමනාගමන මණ්ඩලය විසින් අද (12) සහ හෙට (13) යන දෙදින තුළ විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක බවය.

මේ අතර, දිනපතා ක්‍රියාත්මක දුම්රිය ගමන්වාරවලට අමතරව මැතිවරණය සදහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් දුම්රිය සදහා අතිරේක මැදිරි යොදවා ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉදිපොළ ප්‍රකාශ කලේය.

මේ අතර, ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසා ඇත්තේ, ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ මැතිවරණ සේවා වෙනුවෙන් යොදා ගැනීම නිසා හෙට දින මගී තදබදයක් ඇතිවිය හැකි බවය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT