Home » අමෙරිකා විශේෂ නියෝජිතවරියක් මේ සතියේ ශ්‍රී ලංකාවට

අමෙරිකා විශේෂ නියෝජිතවරියක් මේ සතියේ ශ්‍රී ලංකාවට

by chanaka
November 12, 2024 4:17 pm 0 comment

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ගෝලීය තරුණ ගැටළු පිළිබඳ විශේෂ නියෝජිත ඇබී ෆින්කෙනෝවර් (Abby Finkenauer ) නොවැම්බර් 12-15 දින අතර ශ්‍රී ලංකාවේ චාරිකාවකට පැමිණීමට නියමිතය.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, ඇයගේ මෙම චාරිකාව මගින් දකුණු ආසියාවේ තරුණ නායකයින් සවිබල ගැන්වීම, ප්‍රජා සහභාගීත්වය පිළිබඳ සහයෝගීතාව පෝෂණය කිරීම සහ තරුණ නායකත්වය, සංස්කෘතික සංරක්ෂණය සහ ප්‍රජා ඔරොත්තු දීමේ ප්‍රධාන ගැටළු විසඳීම සඳහා එක්සත් ජනපදයේ කැපවීම ඉස්මතු කරයි.

විශේෂ නියෝජිත ෆින්කෙනෝවර්, ශ්‍රී ලංකාව තුළ එක්සත් ජනපද-ශ්‍රී ලංකා හවුල්කාරිත්වයේ ක්‍රියාකාරීත්වයේ බලපෑම, අධ්‍යාපනය, නායකත්වය සහ ප්‍රජා සහභාගීත්වය පිළිබඳ වැඩසටහන් තරුණ නායකයින් බලගන්වන ආකාරය සහ සමාජ හා ආර්ථික වර්ධනය පෝෂණය කරන ආකාරය සොයා බැලීමට නියමිතය.

එක්සත් ජනපද තානාපතිනි ජුලී චුන්ග් මහත්මිය සමඟින්, විශේෂ නියෝජිතවරිය, තානාපති කාර්යාලයේ තරුණ සංසදය සහ නැගී එන නායකයින් ඇකඩමියේ ආදි සිසුන් හමුවීමට ද නියමිතය. එය USAID සහාය දක්වන මුලපිරීමක් වේ.

ඇය එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සහාය ලබන Women in Motion වැඩසටහන සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ඒ ඔස්සේ නිර්මාණාත්මක කර්මාන්තවල වෘත්තීන් හැදෑරීමට තරුණ කාන්තාවන් දිරිමත් කරන අතර එක්සත් ජනපදයේ සහාය දක්වන කුසලතා ගොඩනැගීමේ වැඩසටහන් වල බලපෑම පිළිබිඹු කරන සාර්ථක තරුණ ව්‍යවසායකයින් හමුවීමට ද අපේක්ෂිතය.

මෙම සංචාරය හරහා විශේෂ නියෝජිත ඇබී ෆින්කෙනෝවර්, දකුණු ආසියාතික තරුණ නායකයින් සමඟ හවුල්කාරිත්වය ගැඹුරු කිරීම සහ ගෝලීය වශයෙන් තරුණයින්ට බලපාන ගැටළු සම්බන්ධයෙන් සහයෝගීතා ප්‍රයත්නයන් ශක්තිමත් කිරීම අරමුණු කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT