ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් හා ජේ.එම්. වික්‍රමාරච්චි යන ආයතන තම පාරිභෝගිකයන් හට උසස් තත්ත්වයේ සේවාවක් ලබාදීම වෙනුවෙන් 2024 ඔක්තෝබර් මස 01 වන දින සිට අවබෝධතා ගිවිසුමකට එළැඹ ඇත. ඉතා විශ්වසනීය අක්ෂි හා ශ්‍රවණ සත්කාර ලබාදෙමින් සුවිශේෂී රක්ෂණාවරණ සැලසුමක් ගෙනඒම වෙනුවෙන් ඔවුන් මෙම අවබෝධතා ගිවිසුමට එළඹ ඇත. දෙපාර්ශ්වයේම සහභාගිත්වයෙන් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුණු අතර ජේ.එම්. වික්‍රමාරච්චි ආයතනය නියෝජනය කරමින්, සභාපති මිහිර වික්‍රමාරච්චි, ප්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂක ලීසා වික්‍රමාරච්චි, අධ්‍යක්ෂක/ප්‍රධාන තාක්ෂණික නිලධාරී කෝල් ලෝමාස්, ප්‍රධාන මූල්‍ය නිලධාරී ශිරන්ති කුලතුංග, ව්‍යාපාර විකුණුම් මෙහෙයුම් ප්‍රධානී කුෂානි සමසේකරය සහ සන්නාම කළමනාකාරිනී රත්මි දසනායක යන මහත්ම මහත්මීන් සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ආයතනය නියෝජනය කරමින් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියන්ත පෙරේරා, ආයතනික ව්‍යාපාර සහ අලෙවි සහකර සාමාන්‍යාධිකාරී මහේෂ් ගමගේ සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සරත් ප්‍රනන්දු මහතා යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්විණි.
මෙම අවබෝධතා ගිවිසුම යටතේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් පාරිභෝගිකයන් හට ඇස් කණ්ණාඩි රාමු හා අව් කණ්ණාඩි සඳහා 20%ක වට්ටමක් ලබා ගත හැක. එමෙන්ම ජේ.එම්. වික්‍රමාරච්චි ආයතනය මඟින් ඉතා උසස් තත්වයේ තාක්ෂණයෙන් යුතු අක්ෂි හා ශ්‍රවණ සත්කාර ලබා ගැනීමට අවකාශය ලැබෙන අතර වසර 48කට වඩා වැඩි වූ ක්ෂේත්රයේ ප්‍රවීණතාවය මගින් අඛණ්ඩව උසස් තත්ත්වයේ විසඳුම් ඉදිරිපත් කරමින් අක්ෂි හා ශ්‍රවණ සත්කාර සඳහා ජාත්‍යන්තර නවෝත්පාදනයන් ශ්‍රී ලංකාවට රැගෙන එමින් පාරිභෝගිකයන් හට උපරිම සේවාවක් ලබාදීම කටයුතු කරයි. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ජේ.එම්. වික්‍රමාරච්චි ආයතනය සමඟ මෙම අවබෝධතා ගිවිසුමට එළඹීම මඟින් තම පාරිභෝගිකයන් හට උසස් තත්ත්වයේ සේවාවක් ලබාදීමට කටයුතු කරයි.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ආයතනයේ ගනුදෙනුකරුවන් හට මෙම දීමනාව සුවිශේෂී වටිනාකමක් එක්කරමින් ආයතනයන්හි විශේෂ ප්‍රවර්ධන වැඩසටහන්වලදී නොමිලේ අක්ෂි හා ශ්‍රවණ පරීක්ෂණ ප්රතිලාභ ලබාගත හැකිය. සිය පාරිභෝගිකයන්හට උසස් වටිනාකමකින් යුත් පාරිභෝගික සේවා සැපයීම තුළින් සිය පාරිභෝගිකයන්ගේ පාරිභෝගික තෘප්තිය වඩ වඩාත් ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ආයතනය දක්වන කැපවීම මෙම කර්තව්‍ය තුළින් කැපී පෙනේ.