Tuesday, May 13, 2025
Home » දෙවන අදියර ඇරඹේ

දෙවන අදියර ඇරඹේ

by sachintha
November 12, 2024 1:17 am 0 comment

HSBC Ceylon Literary & Arts Festival හි දෙවන අදියර 2025 ජනවරි මස 17වන දින සිට 19 වන දින දක්වා පැවැත්වීමට සැළසුම් කර ඇත. ශ්‍රී ලාංකේය සාහිත්‍ය සහ සංස්කෘතික කලාව පෝෂණය කිරීමේ අරමුණින් ජාත්‍යන්තර සහ දේශීය කලාවන් එකම අවකාශයකට ගෙනඒමේ අරමුණින් දියත් කරනු ලබන

මෙම සුවිශේෂ වැඩසටහන, අති සාර්ථක අයුරින් දියත් කිරීමට කටයුතු යොදා ඇත.

දේශීය මෙන්ම ජාත්‍යන්තර කතුවරුන් 44 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ඉතාමත් ආකර්ෂණීය අයුරින් පසුගිය වසරේදී මෙම සාහිත්‍ය උලෙළ පැවැත් වූ අතර, ඒහිදී විවිධ තේමා යටතේ ආකර්ෂණීය සැසි කිහිපයක්ම සංවිධානය වී තිබුණි. මෙම වසරේදී ද පෙර වසරට සාපේක්ෂව අලුත් අත්දැකීම රැසක් සාහිත්‍යලෝලීන් වෙත ලබාදීම සංවිධායක මණ්ඩලයේ අරමුණ වේ.

මෙම උත්සවය අනාගත නවෝත්පාදන සහ නිර්මාණාත්මක කර්මාන්ත කෙරෙහි අවධානය යොමු කරමින්, නිර්මාණාත්මක ව්‍යවසායකත්වය පෝෂණය කිරීම, බුද්ධිගලනය අවම කිරීම සහ කලා ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකිකයින්ට නව අවස්ථා නිර්මාණය කිරීම තුළින් නැඟී එන දේශීය කුසලතා සඳහා අවශ්‍ය සහය ලබා

දීමට කටයුතු කරනු ඇත. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් හුවා දක්වමින් HSBC Ceylon Literary & Arts Festival කලාව සහ සංස්කෘතිය තුළ ලාංකේය අනන්‍යතාවය ගොඩනැඟීමට කටයුතු කරයි. එමෙන්ම, මෑතකාලීන අභියෝග මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් සහ ගතික සංස්කෘතික ලක්ෂණයන් ඔප්නංවමින් සංචාරක ආකර්ෂණය සහ ආයෝජකයින් අතර විශ්වාසය ගොඩනැඟීමටද කටයුතු කරයි.

අනාගත පරම්පරාවේ නිර්මාණශීලී මනස පෝෂණය කිරීමට කැපවීමේ ප්‍රධාන අරමුණින් යුතුව මෙම උත්සවය පවත්වනු ලබන අතර, පසුගිය වසරේ හඳුන්වා දුන් Future Writers වැඩසටහනට අතිමහත් ප්‍රතිචාරයක් ලැබුණු අතර, මෙම අරමුණ ඉදිරියටත් සාක්ෂාත් කරගැනීම උලෙළේ තවත් එක් අරමුණකි. මෙම වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ නිර්මාණාත්මක ක්ෂේත්‍රයේ අනාගතය සඳහා නව

බලාපොරොත්තුවක් එක් කරමින් නිර්මාණශීලී ව්‍යවසායකත්වය පෝෂණය කිරීමට අපේක්ෂා කරන ලේඛකයින් සඳහා නව අවස්ථාවන් විවර කිරීමට අපේක්ෂා කරයි. HSBC Ceylon Literary & Arts Festival ශ්‍රී ලංකාවේ සංස්කෘතික සාරයන් ඔප්නංවමින් එකම වේදිකාවක සාහිත්‍යය ප්‍රමුඛ කලා, සංගීත සහ සිනමා අංග සහිතව, සියලුම ආරාධිතයන් සඳහා සංස්කෘතිකමය අත්දැකීමක් ලබා දීම අරමුණු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT