ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවිය වන idealmotors.lk වෙබ් අඩවිය BestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් දිනාගැනීමට සමත් වී ඇත.
හොඳම වාහන වෙබ් අඩවිය සඳහා වන රන් සම්මානය (Gold Winnder – Best Automotive Website) සහ ජනප්‍රියතම වාහන වෙබ් අඩවිය (Most Popular Automotive Website) මෙන්ම හොඳම ජංගම දුරකතන අතුරුමුහුණත සහිත වාහන වෙබ් අඩවිය (Best Mobile User Experience Automotive Website) යන සම්මාන ත්‍රිත්වය අයිඩියල් මෝටර්ස් වෙබ් අඩවිය විසින් දිනා ගන්නා ලදී.
Best Web තරඟාවලිය .lk අඩවි නාමය (Domain name) යටතේ නිර්මාණය වන වෙබ් අඩවි සඳහා වූ තරඟාවලියක් වන අතර ස්වාධීන ලාභ නොලබන සංවිධානයක් වන LK Domain ලියාපදිංචි කිරීමේ ඒකකය විසින් මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගිහාන් ඩයස් සහ විද්වත් මඬුල්ලකගේ පූර්ණ මඟපෙන්වීම හා තාක්ෂණික උපදේශයට යටතේ ක්‍රියාත්මක වන්නකි. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම වෙබ් අඩවිය සම්පූර්ණයෙන්ම ආයතනයේ නවක වෙබ් අඩවි නිර්මාණකරුවන් පිරිසකගේ දායකත්වයෙන් නිර්මාණය වී තිබීමයි.
මේ පිළිබඳ අදහස් දැක්වූ අයිඩියල් මෝටර්ස් තොරතුරු තාක්ෂණ අංශයේ සමූහ ප්‍රධානී ශාරංග ජයතිලක මහතා අදහස් දක්වමින්, “අපි මේ වෙබ් අඩවිය නිර්මාණය කළේ, ආයතනයේ නවක වෙබ් අඩවි නිර්මාණකරුවන්ගේ දායකත්වයෙන්. ඔවුන්ට තාක්ෂණික පුහුණුව ලබා දෙමින් මාස දෙකක් වගේ කෙටි කාලයක් ඇතුළත ආයතනය තුළින්ම නිර්මාණය කරපු වෙබ් අඩවියක් විදියට තමයි අපි මේ කටයුත්ත නිම කළේ. අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන නවකයන්ට පුහුණුවීම් සඳහා අවස්ථාවක් ලබාදීමත් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි.