Sunday, May 11, 2025
Home » DIMO සිය CARPITAL සේවාව නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමඟ පුළුල් කරයි

DIMO සිය CARPITAL සේවාව නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමඟ පුළුල් කරයි

by sachintha
November 12, 2024 1:19 am 0 comment

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශිෂ්ටතම සහකරුවා වන DIMO සමාගම, භාවිත කරන ලද (pre-owned) සුඛෝපභෝගී වාහන ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සඳහා වන DIMO CERTIFIED මඟින් ක්‍රියාත්මක වන CARPITAL උපදේශන සේවාව තවදුරටත් පුළුල් කිරීම වෙනුවෙන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමඟ පසුගියදා හවුල්කාරිත්වයකට එළඹිණි. සුඛෝපභෝගී Pre-owned වාහන විකිණීම හෝ මිලදී ගැනීමට කැමති පාරිභෝගිකයන් සඳහා විශේෂඥ උපදෙස් ලබාදීම, සැබෑ වෙළෙඳපළ වටිනාකම තක්සේරුව, කරදරයකින් තොරව ගනුදෙනුව සිදුකරගැනීම සහ නැවත ආයෝජන විකල්ප කෙරෙහි යොමුවීම සඳහා උපදේශන සේවාවන් මෙම DIMO CERTIFIED හි CARPITAL උපදේශන සේවාව තුළින් පිරිනමයි.

සිය සුඛෝපභෝගී වාහන හිමිකාරිත්වයන්ට ගැළපෙන විවිධ මූල්‍ය විසඳුම් මෙම සහයෝගිතාවය ඔස්සේ CARPITALහි සේවාවන් බලාපොරොත්තු වන පාරිභෝගිකයන්ට පිරිනමන අතර එමඟින් නැවත ආයෝජන සහ මූල්‍ය විකල්පයන්ට වැඩි වටිනාකමක් ලබාදෙමින් ඒවා තවදුරටත් සවිමත් කරනු ඇත.

මෙම හවුල්කාරිත්වය තුළින් CARPITAL උපදේශන සේවාව ලබාගන්නා පාරිභෝගිකයන්ට තම සුඛෝපභෝගී වාහන මාරු කිරීමට හෝ එයට වඩා අගය වැඩි මෝටර් රථයක් මිලදී ගැනීමට හෝ දැනට පවතින රථයට වඩා අඩු වටිනාකමක් ඇති රථයක් මිලදී ගැනීමට අවශ්‍ය වන්නේ නම් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින් ඒ සඳහා කඩිනම් සැකසුම් කාලයන් සමඟ තරගකාරී ලීසිං වාරික ඇතුළුව පුළුල් මූල්‍ය විසඳුම් රැසක් ලබා දෙනු ඇත.

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින් මෝටර් රථ සහ ජීවිත රක්‍ෂණ සඳහා රක්ෂණ සේවා සැපයුම්කරුවන් රැසක් හරහා රක්‍ෂණ ක්‍රමවේදයන් ද පිරිනමන අතර CARPITAL උපදේශන සේවා සමඟ ගනුදෙනු කරන පාරිභෝගිකයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සඳහා විශේෂ දීමනා සමඟින් ක්‍රෙඩිට් කාඩ්පත් ලබා දෙනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT