Sunday, May 11, 2025
Home » නිව් නෙත්මි කර්ට්න් බදුල්ල නගරයේ නව පරිශ්‍රයකට

නිව් නෙත්මි කර්ට්න් බදුල්ල නගරයේ නව පරිශ්‍රයකට

by sachintha
November 12, 2024 1:19 am 0 comment

වසර 25 ක කාලයක් පුරා බදුල්ල හා ඒ අවට ජනතාවට උසස් හා අනර්ඝ තත්ත්වයේ අලංකාර කර්ට්න් රෙදිපිළි අලෙවි කරමින් ජනාදරය දිනූ නිව් නෙත්මි කර්ට්න් බදුල්ල නගරයේ වඩාත් ඉඩකඩ හා පහසුකම් ඇති නව පරිශ්‍රයක විවෘත කිරීම පසුගියදා සිදු විය. ඒ අනුව අංක 44, මහියංගනය පාර, පිහිල්ලකඩේ, බදුල්ල යන ලිපිනයේ පිහිටි එම නව පරිශ්‍රයේදී නිව් නෙත්මි කර්ට්න් විවෘත වීම සිදු විය.

විශේෂයෙන්ම නිවාස, ව්‍යාපාර හා කාර්යාල අලංකාර, නව මාදිලියේ කර්ට්න් යොදා සකස් කර ගැනීමේදී එම කර්ට්න් උසස්ම රෙදිපිළි යොදා සකස් කර දුන් ව්‍යාපාරයක් ලෙස නිව් නෙත්මි කර්ට්න් බදුල්ල නගරය තුළ පමණක් නොව ඌව පළාත තුළද ප්‍රසිද්ධ වී ඇති අතර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ජනතාවගේ අවශ්‍යතා අනුවද එම සේවා ලබා දීමට මෙම ව්‍යාපාරයේ අධිපති මංජුල රත්නායක මහතා කටයුතු කර තිබේ. මංජුල මහතා මෙන්ම ඔහුගේ බිරිද අමිතා නිරෝෂනී මහත්මියත්, එම පවුලේ දරුවනුත් මෙම ව්‍යාපාරය පාරිභෝගික ජනතාවගේ රුචි, අරුචිකම් හඳුනාගෙන ඉදිරියට යන සාර්ථක ව්‍යාපාරයක් ලෙස ඔසවා තැබීමට කැපවීමෙන් යුතුව කටයුතු කර ඇත.

නිව් නෙත්මි කර්ට්න් නව පරිශ්‍රයක විවෘත වීමේ අවස්ථාවට නිව් නෙත්මි කර්ට්න් සමග දීර්ඝ කාලයක් කටයුතු කළ ගනුදෙනුකරුවන්, ප්‍රදේශයේ දේශපාලන නායකයින්, ව්‍යාපාරිකයින්, රාජ්‍ය හා පෞද්ගලික ආයතන ප්‍රධානීන් හා ඒවායේ උසස් නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූ අතර ජාතික ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක ලෙස මෙවර මහ මැතිවරණයටද ඉදිරිපත් වන සමන්ත විද්‍යාරත්න මහතා එම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය. එහිදී නිව් නෙත්මි කර්ට්න් වෙත සුබ පතමින් අදහස් දැක්වූ සමන්ත විද්‍යාරත්න මහතා සදහන් කළේ රටේ ආර්ථිකය යළි පණගැන්වීම සදහා මෙවැනි දේශීය ව්‍යාපාර හා ව්‍යාපාරිකයින් ආරක්ෂා කර ගතයුතු බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT