Saturday, May 3, 2025
Home » මහමැතිවරණය යළි කැඳවන්නැයි ජෝර්ජියාවේ ජනපතිගෙන් ඉල්ලීමක්

මහමැතිවරණය යළි කැඳවන්නැයි ජෝර්ජියාවේ ජනපතිගෙන් ඉල්ලීමක්

by sachintha
November 12, 2024 1:33 am 0 comment

ජෝර්ජියාවේ පසුගිය මස පැවැති මහමැතිවරණය දූෂිත බවටත්, රජයට පක්ෂව සිදුවූ බවටත් විපක්ෂය චෝදනා එල්ල කිරීම හේතුවෙන් උද්ගතවූ අර්බුදය විසඳීමට නැවත මැතිවරණයක් පවත්වන ලෙස එරට ජනාධිපතිනිය සැලෝමි සුරබිෂ්විලි ඉල්ලීමක් කර ඇතැයි ඒඑෆ්පී පුවත් සේවය වාර්තා කළේය. පසුගිය මස 26 වැනිදා පැවැති ජෝර්ජියාවේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ආණ්ඩු පක්ෂය ජයගත් අතර, ඡන්ද විමසීමේදී සිදුවූ බව කියන මැතිවරණ අක්‍රමිකතා පිළිබඳ යුරෝපා සංගමය සහ අමෙරිකාව ද පරීක්ෂණයක් ඉල්ලා ඇතැයි ඒඑෆ්පී පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

මැතිවරණ ප්‍රතිඵල පිළිගැනීම ප්‍රතික්ෂේප කර ඇති එරට විපක්ෂය නව පාර්ලිමේන්තුවට ඇතුළු වීම ද ප්‍රතික්ෂේප කර ඇති අතර, ජෝර්ජියාවේ විපක්ෂය බටහිර ගැතිවාදීන් බවට චෝදනා එල්ල වී ඇතැයි ද වාර්තා වේ. රජය සමඟ විරසකවී සිටින එරට ජනාධිපතිනිය මෙවර මැතිවරණයට රුසියාව මැදිහත් වූ බවට චෝදනා කර ඇතැයි ද, එම චෝදනාව රුසියාව ප්‍රතික්ෂේප කර ඇතැයි ද ඒඑෆ්පී පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT