Home » පාකිස්තානයේ පෝලියෝ රෝගය හිස ඔසවයි

පාකිස්තානයේ පෝලියෝ රෝගය හිස ඔසවයි

-මේ වසරට රෝගීන් 46ක්

by sachintha
November 12, 2024 1:33 am 0 comment

පෝලියෝ රෝගය පාකිස්තානයේ බරපතළ ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බවත්, මේ වසරේ වාර්තා වූ 46 වැනි පෝලියෝ රෝගියා පසුගියදා බලුකිස්තානයෙන් වාර්තා වූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. පෝලියෝ රෝගයෙන් වඩාත්ම බලපෑම් එල්ල වූ ප්‍රාන්තය ලෙස බලුකිස්තාන ප්‍රාන්තය හඳුනාගෙන ඇති අතර, එම ප්‍රාන්තයේ පෝලියෝ රෝගීන් 22ක් මේ වසරේ වාර්තා වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය. එම ප්‍රාන්තයේ මේ වන විට සිදුවන ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් පෝලියෝ එන්නත් කිරීමේ ස්වේච්ඡා කණ්ඩායම්වලට බලපෑම් එල්ලවී ඇතැයි වාර්තා වේ.

මීට අමතරව සින්ද් ප්‍රාන්තයෙන් රෝගීන් 12ක් ද, කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයෙන් රෝගීන් 7ක් ද වාර්තා වී ඇති අතර, පන්ජාබ් හා ඉස්ලාමාබාද් නුවරින් පෝලියෝ රෝගියකු බැගින් වාර්තා වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ඉස්ලාමාබාද් නුවර පෝලියෝ තුරන් කිරීම සඳහා වන කලාපීය විමර්ශන නිලධාරියකු සඳහන් කර ඇත්තේ ඉස්ලාමාබාද් නුවරින් වාර්තා වූ පිරිමි දරුවකු වන පෝලියෝ රෝගියාගෙන් එක්රැස් කළ සාම්පලවලට අනුව ජාන අනුපිළිවෙළින් රෝගය ව්‍යාප්ත වෙමින් පවතින බවය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT