Home » ඉන්දීය-අමෙරිකා වෙළෙඳ ගනුදෙනුව ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් ඉහළ යන ලකුණු

ඉන්දීය-අමෙරිකා වෙළෙඳ ගනුදෙනුව ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් ඉහළ යන ලකුණු

by sachintha
November 12, 2024 1:34 am 0 comment

ඉන්දියාව සහ අමෙරිකාව අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපති ජයග්‍රහණයෙන් පසු තවදුරටත් ඉහළ යනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මීට පෙර 2016 වසරේදී ට්‍රම්ප් පළමුවරට ජනාධිපති ධුරයට පත්වූ කාලයේදී දෙරට අතර වෙළෙඳම ඇතුළු බහුවිධ සබඳතා ශක්තිමත් වූ බවත්, මෙවර එහි වැදගත්කම නැවත තහවුරු වනු ඇතැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. පසුගිය වසරේදී ඉන්දියාව සහ අමෙරිකාව අතර අමෙරිකානු ඩොලර් බිලියන 190ක වෙළෙඳ කටයුතු සිදු කර ඇතැයි ද වාර්තා වේ.

දෙරට අතර සම්බන්ධතාව ඉතා විශේෂ බව සඳහන් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් නිවේදනය කර ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඓතිහාසික ජයග්‍රහණයට ඉන්දීය අගමැතිවරයා දුරකතනය ඔස්සේ ඔහුට සුබ පැතූ බවය. මීට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු ධුර කාලයේදී ඉන්දීය අගමැතිවරයා ඔහු සමඟ ඉතා සාර්ථක හා ඵලදායි සම්බන්ධතාවක් පවත්වා ගත් බවත්, එය දෙරට අතර වෙළෙඳාම ඇතුළු බහුවිධ සබඳතා පුළුල් කිරීමට හා ශක්තිමත් කිරීමට ඉවහල් වූ බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් වැඩිදුරටත් නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT