Saturday, May 3, 2025
Home » රෆායල් සුළි කුණාටුවෙන් පසු කියුබාවේ භූ කම්පන දෙකක්

රෆායල් සුළි කුණාටුවෙන් පසු කියුබාවේ භූ කම්පන දෙකක්

by sachintha
November 12, 2024 1:35 am 0 comment

දකුණුදිග කියුබාව දෙදරවමින් භූ කම්පන දෙකක් සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රිච්ටර් මාපකයේ 5.9ක අගයක් සටහන් කළ පළමු භූ කම්පනය සිදුවීමෙන් පැයකට පසු රිච්ටර් මාපකයේ 6.8ක අගයකින් යුතු දෙවැනි භූ කම්පනය සිදුවූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. භූ කම්පනයත් සමඟ දකුණුදිග කියුබානු වැසියන් වීදි බැස හිස් ලූ ලූ අත දිවයන්නට වූ බවද වාර්තා වේ. කෙසේ වුවද භූ කම්පන සම්බන්ධව සුනාමි අනතුරු ඇඟවීම් සිදු කර නැති අතර, ජීවිත හානි වාර්තා නොවන බවද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. එහෙත් නිවාස රැසකට හානි සිදුවී ඇති බවත් වාර්තා වේ.

කියුබාවේ භූ කම්පන ද්විත්වය සිදු වූයේ පසුගියදා හමා ගිය රෆායල් සුළි කුණාටුවෙන් දින කිහිපයකට පසුව වන අතර, සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන් නිවාස රැසකට හානි සිදුවී තිබිණි. එහි බලපෑම හේතුවෙන් රට පුරා විදුලිය බිඳ වැටීමක් සිදුවූ බව ද වාර්තා වේ. ගංවතුර අවදානමක් ද මතුවීම හේතුවෙන් ලක්ෂයකට ආසන්න ජනතාව අවදානම් කලාපවලින් ඉවත් කිරීමට ද බලධාරීන්ට සිදු වී තිබිණි. භූ කම්පන හටගෙන ඇත්තේ රෆායල් සුළි කුණාටුවෙන් ජන ජීවිත උඩුයටිකුරු වූ අවස්ථාවකදීය. භූ කම්පන මාලාවෙන් පසු දකුණුදිග කියුබාවේ ඩාලියා රොඩ්රිගස් නමැති කාන්තාවක් ප්‍රකාශ කර ඇත්තේ ‘එච්චර තමයි අඩුවෙලා තිබුණේ‘ යනුවෙනි. රෆායල් සුළි කුණාටුවෙන් ඇගේ නිවෙස මුළුමනින්ම විනාශ වූ බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT