Home » නි‍ෙවසට පැන වෛද්‍යවරයා හා බිරිඳ බැඳ ලක්ෂ 24ක රත්රන් කොල්ලකාලා

නි‍ෙවසට පැන වෛද්‍යවරයා හා බිරිඳ බැඳ ලක්ෂ 24ක රත්රන් කොල්ලකාලා

by sachintha
November 12, 2024 1:35 am 0 comment

කොල්ලය සැලසුම් කළ සුරූපී කාන්තාවන් 2ක් අත්අඩංගුවට

ටැටූ ශිල්පියකු ඇතුළු තවත් 3ක් සොයයි

කැස්බෑව, හල්පිට වෛද්‍යවරයකුගේ නි‍ෙවසට අලුයම් කාලයේදී කඩා වැදී වෛද්‍යවරයා සහ බිරිඳ බැඳ දමා රුපියල් ලක්ෂ 24ක් පමණ වටිනා රන් භාණ්ඩ ඇතුළු දේපළ කොල්ලකෑම සැලසුම් කළ සුරූපී කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 25ත් 37ත් අතර පසුවන සුරූපී කාන්තාවන් දෙදෙනෙකි. කොල්ලකන ලද රන් භාණ්ඩවලින් කොටසක්, ජංගම දුරකතන දෙකක් හා බර මැනීමේ රිසිට්පත් කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇත.

මෙම කොල්ලය සම්බන්ධයෙන් ටැටූ ශිල්පියෙක් හා මනුෂ්‍ය ඝාතනයක් ඇතුළු අපරාධ කිහිපයකට සම්බන්ධ තවත් පුද්ගලයන් තිදෙනකු ද අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය කියයි.

ඉකුත් සැප්තැම්බර් මස 13 වෙනි දින අලුයම් කාලයේදී ප්‍රධාන සැකකාරිය, ඇගේ ඥාති සොයුරියක් සමඟ කුලියට ගත් මෝටර් රථයකින් තවත් පුද්ගලයන් තිදෙනකු සමඟ වෛද්‍යවරයාගේ හල්පිට නි‍ෙවස ආසන්නයට පැමිණ තිබූ බව පොලීසිය පවසයි. අනතුරුව අත්අඩංගුවට ගැනීමට නියමිත පුද්ගලයන් තිදෙනාව එම නි‍ෙවස වෙත යවා අලුයම හතරයි තිහට පමණ මුළුතැන්ගෙය දෙසින් නි‍ෙවසට ඇතුළු වී වෛද්‍යවරයා සහ බිරිඳගේ අත්පා ගැටගසා මෙම කොල්ලය සිදු කර තිබිණි.

මෙම කොල්ලකෑමට දින කීපයකට ඉහතදී ප්‍රධාන සැකකාරිය මෙම නි‍ෙවසට ගොස් තිබූ බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණ පොලිස් අධිකාරී රෝහන් පුෂ්පකුමාර මහත්වරුන්ගේ උපදෙස් මත ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිලෝ ගෝවින්ද මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක මධුසංඛ පොලිස් සැරයන් (75769) ජයතුංග, පොලිස් කොස්තාපල්වරුන් වන (102364) බුද්ධික, (102022) කරුණාරත්න, කාන්තා පොලිස් කොස්තාපල් (11391) මනුෂිකා යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT