Thursday, May 15, 2025
Home » ජාතික ශිෂ්‍යභට බළකායේ සම්මාන ප්‍ර‍දානය යුද හමුදාපති ප්‍රධානත්වයෙන් රන්ටැඹේදී

ජාතික ශිෂ්‍යභට බළකායේ සම්මාන ප්‍ර‍දානය යුද හමුදාපති ප්‍රධානත්වයෙන් රන්ටැඹේදී

by sachintha
November 12, 2024 2:40 am 0 comment

ජාතික ශිෂ්‍යභට බළකායේ විශිෂ්ටතම බළඇණිය හා අතිශූර ඛණ්ඩ වෙනුවෙන් පිදෙන හර්මන් ලූස් (බාලක) හා ද සොයිසා අභියෝගතා කුසලාන (බාලිකා) සම්මාන ප්‍රදානය පෙරේදා (10) රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බළකා පුහුණු මධ්‍යස්ථානයේදී සිදු කෙරිණි.

රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට පුහුණු මධ්‍යස්ථාන සේනාවිධායක ලුතිනල් කර්නල් එන්. සී. ජී. සිල්වා මහතා හා ජාතික ශිෂ්‍යභට බළකායේ මූලස්ථාන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජී.එස්. ෆොන්සේකා මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට සහභාගි විය. ජයග්‍රාහී කණ්ඩායම් හා දක්ෂතා දැක්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කුසලාන පිරිනැමීම මෙහිදී සිදු කෙරිණි.‍

එහිදී ලකුණු 1880.30ක් ලබාගනිමින් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ 01 වන බළඇණිය හර්මන් ලූස් (බාලක) කුසලානයේ අනුශූරතාව දිනා ගත් අතර, ලකුණු 1895.36 ලබාගනිමින් කොළඹ 10 ආනන්ද විද්‍යාලයේ 03වන බළඇණිය හර්මන් ලූස් කුසලානයේ ශූරතාව දිනාගනු ලැබීය.

ද සොයිසා අභියෝගතා කුසලානයේ (බාලිකා) අනුශූරතාව ලකුණු 1852.32ක් ලබා ගනිමින් මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ 02 වන බළඇණිය දිනාගනු ලැබූ අතර ලකුණු 1878.81ක් ලබා ගනිමින් කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ 04වන බළඇණිය ද සොයිසා අභියෝගතා කුසලානයේ ශූරතාව දිනාගනු ලැබීය. රටපුරා පාසැල් 3000කට වඩා වැඩි ප්‍රමාණයක් අතුරිත් විශිෂ්ට දක්ෂතා දැක්වූ පාසැල් 60ක බාලක බාලිකාවන් 1500ක් හර්මන් ලූස් / ද සොයිසා අභියෝගතා කුසලාන අවසාන කඳවුරු තරග සඳහා තරග වැදිණි.

 

 

මාපාකඩවැව සමූහ එච්.එම්. රංජිත් කරුණාවීර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT