Home » ගාලු බස් නැවතුම්පොළේ ප්‍රසිද්ධියේ බෙදූ ඡන්ද ප්‍රචාරක පත්‍රිකා අත්අඩංගුවට

ගාලු බස් නැවතුම්පොළේ ප්‍රසිද්ධියේ බෙදූ ඡන්ද ප්‍රචාරක පත්‍රිකා අත්අඩංගුවට

by sachintha
November 12, 2024 1:35 am 0 comment

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂකයකුගේ ආධාරකරුවන් පිරිසක් ගාල්ල බස් නැවතුම්පොළේ මැතිවරණ ප්‍රචාරක පත්‍රිකා බෙදමින් සිටින බවට ලැබුණු පැමිණිල්ලක් අනුව ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරවුල් කිරීමේ මධ්‍යස්ථානයේ නිලධාරින් ගොස් එම ප්‍රචාරක පත්‍රිකා සියල්ලම තම භාරයට ගන්නා ලදි.

එම නිලධාරින් කියා සිටියේ එසේ ප්‍රසිද්ධියේ ප්‍රචාරක පත්‍රිකා බෙදිය නොහැකි වන අතර, ඒවා ලියුම්කවරවල බහා වෙනත් අයට නොපෙනෙන ආකාරයට බෙදිය යුතු බවය.

මැතිවරණ ආරවුල් නිරවුල් කිරීමේ මධ්‍යස්ථානයේ නිලධාරීන් ගොස් එම ප්‍රචාරක පත්‍රිකා තම බාරයට ගත් අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

මේ අතර ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරවුල් කිරීමේ මධ්‍යස්ථානයට ඊයේ වනවිට පැමිණිලි 106ක් ලැබි තිබුණි.

දකුණු පළාත් සංචාරක – එස්. දීයගහගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT