Home » දුම්රියෙන් වැටී සරසවි සිසුවියකට බරපතළයි

දුම්රියෙන් වැටී සරසවි සිසුවියකට බරපතළයි

by yasara
November 12, 2024 9:08 am 0 comment

කොළඹ කොටුව සිට බදුල්ල බලා ගමන් කරමින් තිබු අංක 1045 දරණ රාත්‍රි තැපැල් දුම්රියේ ගමන් කරමින් සිටි තරුණියක හපුතලේ දුම්රිය ස්ථානයේ දි දුම්රියෙන් ඇද වැටීමෙන් බරපතළ තුවාල ලබා ඇතැයි හපුතලේ පොලිසිය පවසයි.

එලෙස අනතුරට ලක්ව ඇත්තේ කුමාරවඩු රිද්සා සඳමිණි නැමැති අරලිය උයන මාවඩවිල,රත්ගම ලිපිනයේ පදිංචි 21 හැවිරිදි විශ්ව විද්‍යාල සිසුවියක බවද පොලිසිය පැවසීය.

ඇල්ල ප්‍රදේශයේ සංචාරයක් සදහා ඇය ඇතුළු 18 දෙනෙකු  පැමිණෙමින් සිටියදි උදෑසන 6.30 ට පමණ හපුතලේ දුම්රිය ස්ථානයේ දුම්රිය නැවැත් වූ අවස්ථාවේ දි ඉන් බැස නැවත දුම්රිය ගමන් ගන්නා අවස්ථාවේ දි එයට ගොඩවීමට යාමේදි ඉන් අදවැටි ඇති අතර එහිදි  ඇයගේ වම් පාදයේ විලුඹ මතින් දුම්රිය ගමන් කිරිමෙන් මෙම අනතුර සිදුව ඇති බවට කරුණු අණාවරණය වී ඇත.

අනතුරින් පසුව ඇය කඩිනමින් ප්‍රතිකාර සදහා දියතලාව මුලීක රෝහලට ඇතුළත් කිරිමට කටයුතු කර ඇති අතර හපුතලේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT