Home » ඡන්දය දාන්න ගමේ ගිය පවුලට මහමඟ දී මරුවා හරස්වෙයි

ඡන්දය දාන්න ගමේ ගිය පවුලට මහමඟ දී මරුවා හරස්වෙයි

by yasara
November 12, 2024 3:16 pm 0 comment

පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා ඡන්දය දැමීමට  දරු දෙදෙනා සහ බිරිඳ සමඟ ගම් ප්‍රදේශයේ බලා ත්‍රීරෝද රථයේ යමින් සිටියදී මොරගහහේන  ගෝනපොළ ප්‍රදේශයේදී   ලොරියක ගැටී  අද  (12) දහවල් සිදුවූ අනතුරක් සිදු වී තිබෙයි.

මෙම අනතුරින් බිරිඳ මියගොස් සැමියා සහ දරු දෙදෙනා බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව මොරගහේන පොලිසිය කියයි

අනතුරින් මියගොස් ඇත්තේ මිද්දෙණිය කුඩු ගල්ආර , බැද්දේ වත්ත පදිංචිව සිටි ජි ඒ චම්පිකා උදයාංගනී 34 දෙදරු මවකි

ඇයගේ සැමියා හා අවුරුදු 7 ක පුතු සහ වයස අවුරුදු 4 දියණිය බරපතල තුවාල ලබා කළුබෝවිල ශීක්ෂණ රෝහල වෙත ඇතුලත් කර ඇත

අනතුරට පත් එකම පවුලේ පිරිස පිළියන්දල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිට ඇති අතර පාර්ලිමේන්තු  මැතිවරණය සඳහා ඡන්දය දැමීම සඳහා ගම්ප්‍රදේශය බලා යමින් සිටියදී මෙම අනතුර වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

එකම පවුලේ පිරිස රැගත්  ත්‍රීරෝද රථය කැස්බෑව දෙස සිට හොරණ  දෙසට ධාවනය වෙමින් තිබියදී  හොරණ  දෙස සිට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරියක්  ගෝනපොල ජයකොඩි මාවතට හැරවීම සඳහා මාර්ගය හරහා ගොස් එම මාර්ගයට යොමු කිරීමත් සමගම  ත්‍රීරෝදය එහි පිටුපස තට්ටුවේ ගැටී මෙම අනතුර වී ඇති බව පොලිසිය කියයි

ත්‍රී රෝද රථය ලොරියේ ගැටීමත් සමගම මීටර් 30ක් පමණ ඉදිරියට පෙරළී ගොස් මාර්ගයේ නැවතී තිබූ බවත් බරපතල තුවාල ලද මව පියා සහ දරු දෙදෙනාගේ සිරුරු මාර්ගයේ තැනින් තැන වැටී තිබූ බවත් සිද්ධිය ඇසින් දුටු වෝ පවසති

අනතුරින් බරපතල තුවාල ලැබූවන්  ප්‍රදේශ වාසීන් විසින් කඩිනමින් කහතුඩුව වෑතර රෝහල වෙත රැගෙන ගියත් එහිදී කාන්තාව මියගොස් තිබූ අතර සෙසු අයට කඩිනමින් මූලික ප්‍රතිකාර ලබා දී කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත යොමු කිරීමට පියවර ගත් බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය

රියදුරන් දෙදෙනාගේම අපරීක්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතු වී ඇති බව මෙතෙක් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිසිය සඳහන් කරයි

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT