Home » දවස් 05කට විදෙස් සංචාරකයින් 30,000ක් ඇවිත්

දවස් 05කට විදෙස් සංචාරකයින් 30,000ක් ඇවිත්

by chanaka
November 12, 2024 3:37 pm 0 comment

2024 නොවැම්බර් මස මුල් දින 05 තුළ දී විදෙස් සංචාරකයින් 30,620 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මෙහිදී නොවැම්බර් මුල් දින 04 තුළ සෑම දිනක දීම හයදහස ඉක්මවූ සංචාරකයින් සංඛ්‍යාවක් බැගින් සහ ඉතිරි දිනයේ දී පන්දහස ඉක්මවූ සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ තිබීම විශේෂත්වයකි.

මේ සමඟම 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 1,651,335 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ශීත සෘතුවේ ආරම්භයත් සමඟ යුරෝපා සහ රුසියානු සංචාරකයින්ගේ පැමිණීම මේ වන විට ක්‍රමයෙන් වැඩිවීමක් පෙන්නුම් කරන අතර නොවැම්බර් මුල් දින 05 තුළ රුසියානු සමූහාණ්ඩුවෙන් 4,488 ක සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ තිබීම විශේෂත්වයකි.

මීට අමතරව ජර්මනියෙන් 2,752ක්, එක්සත් රාජධානියෙන් 1,821 ක් සහ ඕස්ට්‍රේලියාවෙන් 1,227 ක් ලෙසින් මෙම දින 05 තුළ වැඩි වශයෙන් මෙරටට සංචාරකයින් පැමිණ තිබේ.

මෙම දින 05 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 7,785 කි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT