Thursday, May 15, 2025
Home » ගලිගමුව ප්‍රා/ලේ කාර්යාලයෙන් දරුවන් 550කට පාසල් උපකරණ

ගලිගමුව ප්‍රා/ලේ කාර්යාලයෙන් දරුවන් 550කට පාසල් උපකරණ

by sachintha
November 12, 2024 2:49 am 0 comment

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මහතාගේ මඟපෙන්වීම යටතේ සරණක් අවැසි පාසල් දරුවන් වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සුබසාධක සංගමය මඟින් පසුගියදා ලොතරැයි පතක් අලෙවි කර එම මුදලින් ලක්ෂ 12ක් වියදම් කර ගලිගමුව කොට්ඨාසයේ දරුවන් 550ක් වෙනුවෙන් පාසල් උපකරණ බෙදා දීමක් එම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණ.

මෙහිදී දරුවන්ට අඹ පැළ පරිත්‍යාග කිරීමක් ද වතුපිටිවල A.T.G ආයෝජන කලාපය විසින් සිදු කරන ලද අතර, දරුවන් සඳහා විශේෂ දේශනයක් පැවැත්වීම පේරාදෙණිය අධ්‍යාපන විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සවනතිලක ගජධීර මහතා විසින් සිදු කෙරිණ. සහභාගි වූ සියලුම දරුවන් වෙනුවෙන් උදෑසන තේ වේලක් සහ දිවා ආහාර ලබාදීමට ද කටයුතු කරන ලදි.

මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රංජන් ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් දිලිප් නිශාන්ත මහත්වරු ඇතුළු මාණ්ඩලික නිලධාරින්, මෙහෙයුම් ඒකක නිලධාරිනියන්, පාසල් දරුවන්, මවුපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

කෑගල්ල දිස්ත්‍රික් සමූහ – දයාරත්න බණ්ඩාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT