Home » ආබාධය හේතුවෙන් වනිඳුට එක්දින තරගාවලිය අහිමි වෙයි

ආබාධය හේතුවෙන් වනිඳුට එක්දින තරගාවලිය අහිමි වෙයි

-ස්කෑන් පරීක්ෂණය අද: කුසල් ‘ෆිට්‘

by sachintha
November 12, 2024 2:52 am 0 comment

නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි විස්සයි20 තරගයේදී ආබාධයකට ලක්වූ වනිඳු හසරංග හෙට (13) ආරම්භවන එක්දින තරගාවලියට එක් නොවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා පැවැසූ‍වේ ආබාධය පිළිබඳ ඉදිරි කටයුතු හෙට සිදු කෙරෙන ස්කෑන් පරීක්ෂණයකින් අනතුරුව තීරණය වන බවයි.

කෙසේ වුවද නායක චරිත් අසලංක පැවැසූවේ “වනිඳු එක්දින තරගාවලියට ක්‍රීඩා කරයි කියා හිතන්න බෑ. කුසල් මෙන්ඩිස් එක්දින තරගාවලියට සූදානම්“ යනුවෙනි.

නවසීලන්තයට එරෙහි තරගයේ 7 වැනි ඕවරයේ දෙවැනි පන්දුව යැවීමෙන් අනතුරුව වනිඳු හසරංගගේ පාදයේ මස්පිඬු ආබාධයක් හටගත් අතර, එවිට කණ්ඩායමේ වෛද්‍යවරයා පැමිණ තාවකාලික වෛද්‍යාධාර ලබා දෙනු දක්නට ලැබිණි. එහෙත් හසරංග ඕවර් 4 සම්පූර්ණ කළේ දැඩි වේදනාකාරී තත්ත්වයක් පෙන්නුම් කරමිනි.

මෙයට පෙර හසරංගට පාදයේ ආබාධයක් ඇතිවී ශල්‍යකර්මයකට ලක්කළ අතර, අනතුරුව මාස කිහිපයක් තරග බිමෙන් ඉවත්ව සිටියේය. එහෙත් මෙවර ආබාධය ඇතිව තිබෙන්නේ එම පැරණි ආබාධය පැවැති කකුලේ නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියා ‘දිනමිණ‘ට පැවැසීය.

ප්‍රින්ස් ගුණසේකර රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ සිට..

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT