Home » ‘එ.ජා. සංවිධානයෙන් ඊශ්‍රායලය නෙරපා දමන්න’

‘එ.ජා. සංවිධානයෙන් ඊශ්‍රායලය නෙරපා දමන්න’

-සිරියාවට එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් පසු ඉරානයෙන් ඉල්ලීමක්

by sachintha
November 13, 2024 2:14 am 0 comment

ඊශ්‍රායලය නෙරපා හරින ලෙස ඉරානය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉරාන විදේශ අමාත්‍යාංශය මේ ඉල්ලීම කර ඇත්තේ පසුගියදා සිරියාවේ දමස්කස් නුවර ආසන්නයේ පිහිටි සයිදා සෙයිනාබ් නගරයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් සිවිල් වැසියන් 7 දෙනකු ඝාතනය වීමෙන් පසුව බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ඊශ්‍රායලයට ආයුධ සම්බාධක පනවන ලෙසත් ඉරානය වැඩිදුරටත් ඉල්ලා ඇතැයි වාර්තා වේ. මේ අතර ඊශ්‍රායල ආරක්ෂක හමුදාව සිරියාවට ගුවන් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ ඉරාන සහාය ලබන සන්නද්ධ කණ්ඩායම් ඉලක්ක කරමින් බවට නිවේදනයක් නිකුත් කරමින් ඊයේ අමෙරිකාවෙන් ද සිරියාවට ගුවන් ප්‍රහාර 9ක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් දමස්කස් නුවර ආසන්නයේ පිහිටි නේවාසික ගොඩනැඟිල්ලකට දරුණු හානි සිදුවූ බවත්, එම ප්‍රහාරය හෙළා දකින බවත් ඉරානය වැඩිදුරටත් නිවේදනය කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT