Tuesday, May 13, 2025
Home » 29 වැනි දේශගුණික විපර්යාස සමුළුව ඇරඹෙයි

29 වැනි දේශගුණික විපර්යාස සමුළුව ඇරඹෙයි

-පොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත්වීමට අසර්බයිජාන් ජනපතිගෙන් විරෝධය

by sachintha
November 13, 2024 1:16 am 0 comment

තෙල්, ගෑස් සහ සෙසු ස්වභාවික සම්පත් දෙවියන් විසින් තෑගි කරනු ලැබූ බවත්, එය වෙළෙඳපොළෙන් ඉවත් නොකළ යුතු බවත් අසර්බයිජාන් රාජ්‍යයේ බකූ අගනුවරදී පෙරේදා ආරම්භ වූ 29 වැනි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශගුණික විපර්යාස සමුළුවේදී එරට ජනාධිපති ඉල්හාම් අලියෙව් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සිය රාජ්‍යය නිෂ්පාදනය කරනු ලබන්නේ ලෝක ගෑස් සම්පත්වලින් 0.1%ක් පමණක් බවත් ප්‍රකාශ කරමින් පොසිල ඉන්ධන භාවිතයෙන් තුරන් කිරීමට එරෙහි වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්ටෝනි ගුටාරෙස්, ලෝක බැංකුවේ සභාපති අජේ බංගා, බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර්, බාබඩෝස් අගමැති මියා මොට්ලේ, පාකිස්තාන අගමැති ශෙබාස් ෂරීෆ්, බ්‍රසීල පාරිසරික ඇමැති මරීනා සිල්වා, යුරෝපා දේශගුණික කොමසාරිස් වොප්කේ හෝක්ස්ට්‍රා ඇතුළු රටවල් 200කට ආසන්න ප්‍රමාණයකින් නියෝජිතයන් එක්රැස් වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශගුණික විපර්යාස සමුළුව ලබන 22 වැනිදා දක්වා පැවැත්වේ.

මේ වන විට ගෝලීය තර්ජනයක් බවට පත්වී ඇති දේශගුණික විපර්යාස හේතුවෙන් ලොව පුරා බොහෝ රටවල භූ කම්පන, සුළි කුණාටු හා හදිසි ගංවතුර වැනි ආපදා තත්ත්වයන් ඉහළ ගොස් ඇති බැවින් පොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත්වී මානව වර්ගයාගේ ඉදිරි පැවැත්ම ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිව එක්සත් ජාතීන්ගේ සංවිධානය දේශගුණික විපර්යාස සමුළුව පවත්වනු ලබන්නේ 1995 වසරේ සිටය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT