Home » විදේශ ඇමැති මාධ්‍ය හමුව විකාශයේදී බාධා

විදේශ ඇමැති මාධ්‍ය හමුව විකාශයේදී බාධා

-ඉන්දියාවෙන් කැනඩාවට චෝදනා

by sachintha
November 13, 2024 1:18 am 0 comment

ඉන්දීය විදේශ ඇමැති එස්.ජයිශංකර් සහ ඔස්ට්‍රේලියාවේ විදේශ ඇමැති පෙනී වොං විසින් පවත්වනු ලැබූ මාධ්‍ය හමුවක් සහ ඔවුන්ගේ සම්මුඛ සාකච්ඡාවක් විකාශය කරමින් තිබූ ඔස්ට්‍රේලියානු සමාජ මාධ්‍යජාලා නාලිකාවකට කැනඩාවේදී අවහිරතා සිදු කළ බවට ඉන්දියාව විසින් කැනඩා රජයට චෝදනා කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ‘දි ඔස්ට්‍රේලියා ටුඩේ’ නමැති එම සමාජ මාධ්‍යජාලා නාලිකාව විසින් විකාශය කරනු ලැබූ එම මාධ්‍ය හමුව සහ සම්මුඛ සාකච්ඡාව කැනඩාවේ ජනතාව නැරඹීම අවහිර කිරීමට පියවර ගැනීම හෙළා දකින බවත්, එය භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සම්බන්ධව කැනඩාවේ පිළිවෙත ඉස්මතු කරන බවත් ඉන්දීය රජය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

කෙසේ වුවද මේ චෝදනා ප්‍රතික්ෂේප කරමින් කැනේඩියානු විදේශ අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ ඔස්ට්‍රේලියාවට අයත් එම සමාජ මාධ්‍යජාලා නාලිකාව කැනඩාවේදී කිසිදු තහනමකට ලක් නොවූ බවය. එහෙත් රජයේ නියෝගය මත එහි අඩංගු ඇතැම් කරුණුවලට සීමා පැනවීමට සිදුවූ බව කැනේඩියානු විදේශ අමාත්‍යාංශය පිළිගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT