Home » කොටස් එකලස් කළ වාහන දෙකක් ළඟ තබා ගැනීම

කොටස් එකලස් කළ වාහන දෙකක් ළඟ තබා ගැනීම

-රෝහිත අබේගුණවර්ධනගේ බෑනා අත්අඩංගුවට ගන්න පරීක්ෂණ ඇරැඹේ

by sachintha
November 13, 2024 1:15 am 0 comment

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර කොටස් එකලස් කළ බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ කාර් රථයක් හා චැසි අංක නොමැති මිට්ෂුබිසි වර්ගයේ ජීප් රථයක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු වරාය හා නාවික ඇමැතිවරයකු වන රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනා කෙනකු බව කියන වාහන සේල් හිමියකු අත්අඩංගුවට ගැනීමට මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඉසුරු සේරම් නමැති සැකකරුගේ සහෝදරයකු හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය සමඟ විවාහ වී සිටින අතර සැකකරු සම්බන්ධයෙන් මහනුවර අධිකරණයට කරුණු වාර්තා කර ඔහුට එරෙහිව ඊයේ (12) ගුවන් ගමන් තහනමක් ලබා ගැනීමට පොලීසිය පියවර ගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය කිහිපවතාවක් අනිවත්තේ පිහිටි ඔහුගේ නිවෙස වෙත ගොස් ඇතත් ඔහු නිවෙසේ නොසිටි බව පොලීසිය පවසයි.

ඔහුගේ නිවෙසේ තිබි පොලිස් භාරයට ගත් වාහන දෙක සම්බන්ධයෙන් වන රස පරීක්ෂක වාර්තා ලබා ගැනීමෙන් පසු අදාළ බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ කාර් රථය කොටස් එකලස් කර සකස් කළ එකක් බව තහවුරු වී තිබේ. ජීප් රථයේ චැසි අංකය සූරා තිබෙන බවත් මෙය රජයට අයත් එක්ක ද යන්න සම්බන්ධයෙන් සැක මතුව තිබෙන බවත් පොලීසිය පවසයි. මෙම වාහන දෙක රුපියල් කෝටි හයකට වැඩි වටිනාකමින් යුත්කය.

පසුගිය 20 වැනි දින මෙම වාහන දෙක පොලීසිය විසින් සොයාගනු ලැබුවේ 1997 අංකයට කළ දැනුම් දීමකට අනුවය. මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් මත මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT