Home » ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ නව සභාපති ලසන්ත ප්‍රනාන්දු

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ නව සභාපති ලසන්ත ප්‍රනාන්දු

by sachintha
November 13, 2024 2:20 am 0 comment

දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව වන ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ නව සභාපතිවරයා ලෙස ලසන්ත ප්‍රනාන්දු මහතා පත් කර තිබේ. මෙරට විශාලතම වාණිජ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයකු ලෙස සේවය කළ ඒ මහතා, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සංවර්ධනය, ක්ෂුද්‍ර මූල්‍ය කටයුතු හා ග්‍රාමීය සහ කෘෂිකාර්මික ක්ෂේත්‍ර ආවරණය කරමින් එහි කටයුතු කර තිබේ. හැටන් නැෂනල් බැංකුව සහ නේපාලයේ ලක්ෂ්මි බැංකුව අතර තාක්ෂණික සේවා ගිවිසුමක් යටතේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස ද වසරක කාලයක් ඒ මහතා සේවය කර ඇත. ආසියානු සංවර්ධන බැංකුවේ Vision fund lanka iy sejay micro credit ltd ආයතනයන්හි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන ක්ෂේත්‍රයේ සහ ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයන්හි ව්‍යාපෘතීන්හි ද අත්දැකීම් ලබා ඇත. එමෙන්ම ඔහු රිචඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඩ්හි විධායක නොවන මට්ටමේ ස්වාධීන අධ්‍යක්ෂවරයකු ලෙස ද, අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ සභාපති ලෙසද කටයුතු කර ඇත. ඒ මහතා බැංකුකරුවන්ගේ ආයතනයේ යාවජීව සාමාජිකයකු වන අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරියකු ද වේ.

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකි.

එම ක්ෂේත්‍රයන්වල මූල්‍ය උපාය මාර්ගික සැලසුම් සකස් කිරීම, කාර්ය සාධන නිරීක්ෂණය කිරීම සහ කාර්ය සාධන ඉලක්ක අඛණ්ඩව ඉක්මවා යෑමට කණ්ඩායම් පෙලඹවීම සම්බන්ධයෙන් කටයුතු කර ඇත. සමාජයේ බිම් මට්ටමේ අයට දීර්ඝකාලීනව සේවය ඉටු කිරීමේ අවස්ථාවක් ලැබෙන බැවින් තමන් ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති ධුරය භාර ගත් බව නව සභාපතිවරයා සිය ධුරයේ රාජකාරි අරඹමින් පැවසීය. ශක්තිමත්, කැපවූ ශ්‍රම බළකායක් සහ විහිදුණු ශාඛා ජාලයක් සහිත RDB බැංකුවෙන් ඒ සඳහා යම් දායකත්වයක් දිය හැකි බව මගේ විශ්වාසය යැයිද පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT