Home » ATM යන්ත්‍රයට හානි කළ සැරයන් අත්අඩංගුවට

ATM යන්ත්‍රයට හානි කළ සැරයන් අත්අඩංගුවට

by sachintha
November 13, 2024 12:10 am 0 comment

රාජ්‍ය බැංකුවක තිඹිරිගස්යායේ පිහිටි ශාඛාවක ඒ.ටී.එම්. යන්ත්‍රයට පහරදී හානි කිරීමක් සම්බන්ධයෙන් මහජන සාමය කළමනාකරණ කොට්ඨාසයේ කැරලි මර්දන අංශයේ පොලිස් සැරයන්වරයකු නාරාහේන්පිට පොලීසිය මඟින් පෙරේදා (11) අත්අඩංගුවට ගෙන ඇත. මෙම නිලධාරියා පසුගිය 09 වැනිදා අදාළ බැංකු ශාඛාවට ගොස් ඒ.ටී.එම්. යන්ත්‍රයෙන් මුදල් ගැනීමට උත්සාහ කිරීමේදී බැංකු කාඩ්පත යන්ත්‍රය තුළ සිරවී ඇති බව නාරාහේන්පිට පොලීසිය සඳහන් කළේය. කාඩ්පත සිරවීම හේතුවෙන් මුදල් ගැනීමට නොහැකි වීම නිසා මෙම නිලධාරියා ඒ.ටී.එම්. යන්ත්‍රයට පහරදී අලහභානි කර ඇති බව පොලීසිය කියයි. මේ සම්බන්ධයෙන් බැංකුවෙන් ලද පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා මෙම නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබේ.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT