Sunday, May 11, 2025
Home » පියයුරු පිළිකාව ගැන දැනුම්වත් කරන්න පාද චාරිකාවක්

පියයුරු පිළිකාව ගැන දැනුම්වත් කරන්න පාද චාරිකාවක්

by sachintha
November 13, 2024 2:37 am 0 comment

පියයුරු පිළිකා මාසය වෙනුවෙන් ඊට සමගාමීව පියයුරු පිළිකා වළක්වා ගන්නේ කෙසේද, කලින් හඳුනාගෙන ප්‍රතිකාර කිරීම තුළින් රෝගය නිට්ටාවට සුවකර ගෙන ජීවිත හානිය වළක්වා ගැනීමට හැකි වන බව සඳහන් කරමින් කඹුරුපිටිය ජනතාව දැනුම්වත් කිරීමේ පාද චාරිකාවක් පසුගියදා පැවැත්විණි. කඹුරුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි චමින්ද ලියනගේ මහතාගේ සහ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි දීපානි වික්‍රමරත්න මහත්මියගේ උපදෙස් සහ මඟ පෙන්වීම අනුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී. අංජන, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන ජේ.ඒ. නදීෂ් මල්ෂාන්, එම්.ඒ.සී. ප්‍රසාද්, ජේ.වී. හේමාල්, පරිපාලන පළාත් සෞඛ්‍ය සේවා නිලධාරිනි කේ.වී. කුමාරි සමඟ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්, කාර්ය මණ්ඩලය, මව් සමාජ සාමාජිකාවන්, රාජ්‍ය නිලධාරින් ඇතුළුව 150ක පමණ පිරිසක් මෙම පාද චාරිකාවට එක්වී සිටියහ.

පාද චාරිකාව කඹුරුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුළ පැවැති අතර, ප්‍රචාරක රථ යොදාගෙන සහ පත්‍රිකා බෙදාදීම තුළින් ජනතාව දැනුම්වත් කිරීම සිදු කළහ.

අකුරැස්ස මධ්‍යම විශේෂ – විජිත සල්ගාදු

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT