රාජ්‍ය නිලධාරීන්ගේ භාෂා කුසලතාවය වර්ධනය පිණිස දෙමළ භාෂා පුහුණුව ලද ගම්පහ දිස්ත්‍රික්කයේ නිලධාරීන් පිරිසකට සහතිකපත් ප්‍රදානය කිරීම ගම්පහ අතිරේක දිසාපතිවරුන් වන සුගත් කිත්සිරි සහ සුරංගා ගුණතිලක යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණ.
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව ඒකාබද්ධව පවත්වන ලද මෙම පුහුණුව දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන දහයක නිලධාරීන් පිරිසක් විසින් සාර්ථකව අවසන් කොට ඇත. සහතික පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවේදී අතිරේක දිසාපති සුගත් කිත්සිරි මහතා නිලධාරීන් හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ, තමන්ගේ වෘත්තීමය උසස්වීම් සඳහා දෙවැනි භාෂාව ලෙස දෙමළ භාෂා දැනුම ලබා ගැනීම තුළින් තම සේවා කටයුත්තට අමතරව ජාතීන් අතර සුහදතාවය සහසම්බන්ධතාවය වර්ධනය කර ගැනීමට හැකිවන බවයි. එමෙන්ම බහු වර්ග, බහු සංස්කෘතිකාංග සහිත අප රටට සියලු ජනවර්ග එක්ව කටයුතු කිරීමට ද එය ඉවහල් වන බවද ඔහු පැවැසීය.
මෙම අවස්ථාවට දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ සන්ධ්‍යා කුමාරි, ප්‍රාදේශීය සභාවේ ලේකම් නිරෝෂා සුරවීර සහ වැඩ අධිකාරී වත්සල කරුණාරත්න, අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් දිලිප් වික්‍රමසිංහ, භාෂා පුහුණු සම්බන්ධීකාරක අශෝක මුණසිංහ, පොල් වගා කිරීමේ මණ්ඩලයේ ගම්පහ දිස්ත්‍රික් කළමනාකාර සමන් කුමාර හේරත්, සහකාර සැලසුම් අධ්‍යක්ෂ ප්‍රියන්ත, දෙමළ භාෂා පුහුණු උපදේශිකා එන්. සුගීර්දම් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ගම්පහ අතිරේක