19
බළපිටිය තරුණ බෞද්ධ සංගමයේ 80 වැනි සංවත්සරය නිමිත්තෙන් බළපිටිය කොට්ඨාසයේ පාසල් හා දහම් පාසල් අතර පවත්වන ලද කථික, ගායනා, චිත්‍ර හා දැනුම මිනුම තරගාවලියේ ජය සංකේත ප්රදානය කිරීම, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍ර නිමල් වාකිෂ්ට මහතා සහ බළපිටිය තරුණ බෞද්ධ සංගමයේ සභාපති නීතිඥ එල්සන් කුමාරවඩු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී දැනුම මිනුම තරගාවලියේ ශූරතාවය අහුන්ගල්ල රාජපක්ෂ ජාතික පාසලට හිමි වූ අතර කළණ නිම්සර ද සිල්වා, ජී. තමිඳු සත්සර සහ එච්. දනිදු වනිත් යන සිසුන් තිදෙනා චන්ද්‍ර නිමල් වාකිෂ්ට මහතා අතින් ශූරතාවය ලබා ගත් අයුරු මෙහි දැක්වේ.
අහුන්ගල්ල සමූහ අනුර යසමිත්