Home » ජය සංකේත ප්‍රදානය කිරීමක් බළපිටියේ දී

ජය සංකේත ප්‍රදානය කිරීමක් බළපිටියේ දී

by sachintha
November 13, 2024 2:19 am 0 comment

 

බළපිටිය තරුණ බෞද්ධ සංගමයේ 80 වැනි සංවත්සරය නිමිත්තෙන් බළපිටිය කොට්ඨාසයේ පාසල් හා දහම් පාසල් අතර පවත්වන ලද කථික, ගායනා, චිත්‍ර හා දැනුම මිනුම තරගාවලියේ ජය සංකේත ප්‍රදානය කිරීම, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍ර නිමල් වාකිෂ්ට මහතා සහ බළපිටිය තරුණ බෞද්ධ සංගමයේ සභාපති නීතිඥ එල්සන් කුමාරවඩු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී දැනුම මිනුම තරගාවලියේ ශූරතාවය අහුන්ගල්ල රාජපක්ෂ ජාතික පාසලට හිමි වූ අතර කළණ නිම්සර ද සිල්වා, ජී. තමිඳු සත්සර සහ එච්. දනිදු වනිත් යන සිසුන් තිදෙනා චන්ද්‍ර නිමල් වාකිෂ්ට මහතා අතින් ශූරතාවය ලබා ගත් අයුරු මෙහි දැක්වේ.

අහුන්ගල්ල සමූහ අනුර යසමිත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT