Home » හොරණට සීසීටීවී

හොරණට සීසීටීවී

by sachintha
November 13, 2024 2:21 am 0 comment

හොරණ නගරයට විශාල අඩුපාඩුවක්ව පැවති ආරක්ෂක කැමරා පද්ධතියක් ඉදිකර හොරණ මූලස්ථාන පොලීසිය වෙත භාර දීම ඊයේ (12) හොරණ පොදු බස් නැවතුම්පොළ භූමියේ දී සිදු කෙරිණි. විශාල පිරිවැයක් දරා මෙම ආරක්ෂක කැමරා පද්ධතිය ඉදිකිරීමේ කටයුතු කරන ලද්දේ හොරණ එක්සත් වෙළෙඳ සංගමය විසිනි. මේ මඟින් නගරයේ සිදු කෙරෙන නොයෙක් සොරකම් ඇතුළු අපරාධ නීතියේ රැහැනට කොටු කර ගැනීමට විශාල පහසුවක් වන අතර, ඉදිරියේ දී තවත් ස්ථානවලට ද මෙම පහසුකම සලසා දීමට කටයුතු කරන බව වෙළෙඳ සංගමය පවසයි. හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක චින්තක පනාවල, ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් ද සිල්වා, ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් විශ්වනාත් ඇතුළු පොලිස් නිලධාරීන්, වෙළෙඳ සංගමයේ සභාපති සුමේධ ගුණවර්ධන, ලේකම් අජිත් ආරියරත්න, භාණ්ඩාගාරික සමන් සරත්චන්ද්‍ර යන මහත්වරු ඇතුළු සාමාජිකයෝ මෙම අවස්ථාවට සහභාගි වූහ.

හල්තොට සමූහ

විනීතා මානෙල් ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT