Home » ඡන්ද පොළට ඇතුළු වීම අව­ස­ර­ලත් අයට පම­ණයි

ඡන්ද පොළට ඇතුළු වීම අව­ස­ර­ලත් අයට පම­ණයි

මැති­ව­රණ කොමි­සම

by Gayan Abeykoon
November 14, 2024 1:19 am 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක

2024 පාර්ලි­මේන්තු මැති­ව­ර­ණය පැවැ­ත්වෙන අද (14) ඡන්ද පොළට ඇතුළු වීමට අව­සර ඇත්තේ අව­ස­ර­ලත් තැනැ­ත්තන්ට පම­ණක් බව මැති­ව­රණ කොමි­සම පව­සයි.

ඒ අනුව ඡන්ද පොළෙහි ලියා­ප­දිංචි ඡන්ද හිමි­යන්, ඡන්ද පොළ කාර්‌ය මණ්ඩ­ලය, ඡන්ද පොළ රාජ­කා­රි­යෙහි නියුක්ත පොලිස් නිල­ධා­රීන්, තරග කරනු ලබන අපේ­ක්ෂ­ක­යන්, එක් එක් අපේ­ක්ෂ­කයා වෙනු­වෙන් විධි­මත් පරිදි පත් කරන ලද ඡන්ද පොළ නියෝ­ජි­ත­යන්, මැති­ව­රණ කොමි­ෂන් සභාවේ අනු­මැ­තිය ලත් දේශීය/විදේ­ශීය නිරී­ක්ෂණ සංවි­ධා­න­වල නියෝ­ජි­ත­යන්, තේරීම් භාර නිල­ධා­රි­යාගේ අව­ස­රය ලත් නිල­ධා­රීන් මෙලෙස ඡන්ද පොළට ඇතුළු වීමට නීති­යෙන් අව­සර දී ඇති තැනැ­ත්තන් බව කොමි­සම නිවේ­ද­න­යක් නිකුත් කර­මින් පව­සයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT