Friday, May 2, 2025
Home » පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරන වේලාව මැකො කියයි

පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරන වේලාව මැකො කියයි

by chanaka
November 14, 2024 3:02 pm 0 comment

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු මැතිවරණ නිල ප්‍රතිඵලය රාත්‍රී 10.00 වන විට නිකුත් කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම දිවයින පුරා මධ්‍යස්ථාන 13,314 කදී පෙරවරු 7 ට ආරම්භ වූ අතර පස්වරු 4 ට අවසන් වේ.

පළමුව තැපැල් ඡන්ද ගණන් කිරීම පස්වරු 5ට ආරම්භ වන අතර ගණන් කිරීමේ මධ්‍යස්ථානවල කාර්යක්ෂමතාවය මත සියලු ගණන් කිරීම් සිදුවනු ඇත.

මෙවර මැතිවරණය සඳහා පුද්ගලයන් 17,140,354 දෙනකු ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT