Home » මිට්සු­බිෂි සමා­ගම ඉන්දීය වෙළෙ­ඳ­පොළ අල්ලයි

මිට්සු­බිෂි සමා­ගම ඉන්දීය වෙළෙ­ඳ­පොළ අල්ලයි

බැංග්ලෝර් නුවර ඉන්දීය රුපි­යල් කෝටි 400ක ආයෝ­ජ­න­යක්

by Gayan Abeykoon
November 14, 2024 1:20 am 0 comment

ලෝක ප්‍රකට මිට­සු­බිෂි මෝටර් රථ සන්නා­මයේ විදත් උප­ක­රණ ක්ලිම­වෙ­නේටා සමා­ගම ඉන්දි­යාවේ බැංග්ලෝර් නුවර නිෂ්පා­දන කර්මා­න්ත­ශා­ලා­වක් ආරම්භ කිරීම සඳහා ඉන්දීය රුපි­යල් කෝටි 400ක් ආයෝ­ජ­නය කිරී­මට නිය­මිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එය නව්‍ය­ක­ර­ණය කිරී­මට මෙන්ම තත්ත්ව­යෙන් උසස් නිෂ්පා­දන ලබා දෙන සමා­ග­මක් බවට ඉන්දි­යාවේ මිට්සු­බිෂි විදත් සමා­ගමේ ඉන්දීය වෙළෙ­ඳ­පොළ පුළු­ල්කි­රීමේ අර­මු­ණින් සිදු­වන බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. වායු සමී­ක­රණ, කර්මා­න්ත­ශාලා ස්වයං­ක්‍රි­ය­ක­රණ හා කාර්මික පද්ධති, අර්ධ සන්නා­යක හා උපාංග මෙන්ම ප්‍රවා­හන පද්ධති ඇතුළු විදත් නිෂ්පා­දන රැසක් ඉන්දීය වෙළෙ­ඳ­පො­ළට සැප­යීම තව­දු­ර­ටත් ව්‍යාප්ත කිරීම එම­ගින් සිදු­වනු ඇතැයි ද වාර්තා වේ.

ජපා­නයේ සුප්‍ර­කට බහු ජාතික සමා­ග­මක් වන මිට්සු­බිෂි සමූ­හයේ බැංග්ලෝර් මූල­ස්ථා­නය වන ක්ලිම­වෙ­නේටා තාක්ෂ­ණික සමා­ගමේ නව නිෂ්පා­දන කර්මා­න්ත­ශා­ලාව මේ සති­යේදී විවෘත කිරී­මට නිය­මිත බවත්, ඉදිරි වසර 5 ඇතු­ළත වාර්ෂික ඇණ­වුම් ප්‍රමා­ණය දෙගුණ කිරීම ඉල­ක්කය වී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. මේ වන විටත් නව කර්මා­න්ත­ශා­ලා­වට ඉන්දීය රුපි­යල් කෝටි 500කට වැඩි ඇණ­වුම් ලැබී ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT