ලෝක ප්‍රකට මිටසුබිෂි මෝටර් රථ සන්නාමයේ විදත් උපකරණ ක්ලිමවෙනේටා සමාගම ඉන්දියාවේ බැංග්ලෝර් නුවර නිෂ්පාදන කර්මාන්තශාලාවක් ආරම්භ කිරීම සඳහා ඉන්දීය රුපියල් කෝටි 400ක් ආයෝජනය කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එය නව්‍යකරණය කිරීමට මෙන්ම තත්ත්වයෙන් උසස් නිෂ්පාදන ලබා දෙන සමාගමක් බවට ඉන්දියාවේ මිට්සුබිෂි විදත් සමාගමේ ඉන්දීය වෙළෙඳපොළ පුළුල්කිරීමේ අරමුණින් සිදුවන බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. වායු සමීකරණ, කර්මාන්තශාලා ස්වයංක්‍රියකරණ හා කාර්මික පද්ධති, අර්ධ සන්නායක හා උපාංග මෙන්ම ප්‍රවාහන පද්ධති ඇතුළු විදත් නිෂ්පාදන රැසක් ඉන්දීය වෙළෙඳපොළට සැපයීම තවදුරටත් ව්‍යාප්ත කිරීම එමගින් සිදුවනු ඇතැයි ද වාර්තා වේ.
ජපානයේ සුප්‍රකට බහු ජාතික සමාගමක් වන මිට්සුබිෂි සමූහයේ බැංග්ලෝර් මූලස්ථානය වන ක්ලිමවෙනේටා තාක්ෂණික සමාගමේ නව නිෂ්පාදන කර්මාන්තශාලාව මේ සතියේදී විවෘත කිරීමට නියමිත බවත්, ඉදිරි වසර 5 ඇතුළත වාර්ෂික ඇණවුම් ප්‍රමාණය දෙගුණ කිරීම ඉලක්කය වී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මේ වන විටත් නව කර්මාන්තශාලාවට ඉන්දීය රුපියල් කෝටි 500කට වැඩි ඇණවුම් ලැබී ඇතැයි ද වාර්තා වේ.