Home » චීන වාර්ෂික නව බලශක්ති වාහන නිෂ්පාදන ප්‍රමාණය මිලියන 10 ඉක්මවයි

චීන වාර්ෂික නව බලශක්ති වාහන නිෂ්පාදන ප්‍රමාණය මිලියන 10 ඉක්මවයි

by chanaka
November 14, 2024 2:48 pm 0 comment

චීනයේ වාර්ෂික නව බලශක්ති වාහන නිෂ්පාදනය ප්‍රථම වරට මිලියන 10ක් ඉක්මවයි. ඒ අනුව වාර්ෂිකව නව බලශක්ති වාහන මිලියන 10ක් නිෂ්පාදනය කරන ලොව පළමු රට බවට චීනය පත්ව ඇති බව චීන මෝටර් රථ නිෂ්පාදකයින්ගේ සංගමය අද(14) ප්‍රකාශ කළේය.

දත්තවලට අනුව, චීනයේ නව බලශක්ති වාහන නිෂ්පාදනය සහ විකුණුම් සංඛ්‍යාන පද්ධතියට ඇතුළත් කළ පළමු වසර වන 2013දී, නිෂ්පාදන ඒකක ප්‍රමාණය සටහන් වූයේ 18000ක් ලෙස ය.

2018 වසරේදී වාර්ෂික නිෂ්පාදනය මිලියනයකට ළඟා වූ අතර 2022දී වාර්ෂික නිෂ්පාදනය මිලියන 5ක‍් ඉක්මවා ගොස් ඇත.

ඒ අනුව මේ වසරේ ප්‍රථම වරට නිෂ්පාදන ඒකක ප්‍රමාණය මිලියන 10 ඉක්මවා ගිය අතර මෙම වසර අවසන් වීමට මාස එකහමාරක් තිබියදී, පසුගිය වසරේ මුළු අගයට සාපේක්ෂව නිෂ්පාදනය 4.3% කින් වැඩි වීම ද විශේෂත්වයකි. එමෙන්ම මේ වසර අවසන් වන විට මෙම සංඛ්‍යාව මිලියන 12 ඉක්මවනු ඇතැයි විශේෂඥයෝ අනාවැකි පළ කරති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT