ත්‍රිරෝද රථයක් පදවාගෙන යමින් ටික්ටොක් වීඩියෝවක් නිර්මාණය කර එහි විදුලි බුබුළු දර්ශනය නොවීම ගැන උරණ වූ දහඅට හැවිරිදි තරුණයකු ඊයේ (13) පෙරවරුවේ සිය නිවස තුළම ගෙල වැලලගෙන මියගොස් ඇතැයි නාන්නෙරිය පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ගල්ගමුව, වන්නිකුඩාවැව, නොච්චිය ප්රදේශයේ පදිංචි කසුන් කවිෂ්ක දිසානායක (18) නමැති තරුණයාය.
සිය බාල සොහොයුරා සමඟ ටික්ටොක් වීඩියෝව සඳහා ත්‍රිරෝද රථය ධාවනය කර ඇති මරණකරු, රථයේ තිබූ එල්ඊඩී බල්බ පත්තු නොවීම ගැන උරණ වී නිෙවස තුළට ගොස් මිටියක් රැගෙන විත් රථයට පහරදී ඇති බවට කරුණු අනාවරණය වන බව පොලීසිය සඳහන් කරයි.
පසුව ක්ෂණික කෝපයෙන්ම නිෙවස තුළට ගොස් ඇති මරණකරු ‘අම්මා කෙනෙක් වගේ බලා ගත්තට මගේ පඩිය අක්කා ගන්න” යැයි සිය සහෝදරියට එස්එම්එස් පණිවිඩයක් යවා නිෙවසේ කාමරයකට ගොස් ගෙල වැලලාගෙන ඇතැයි පොලීසිය පවසයි.
මෙම ටික්ටොක් වීඩියෝව පටිගත කර ඇත්තේ මරණකරුගේ බාල සොහොයුරා බවත්, එම වීඩියෝවේ එල්ඊඩී බල්බ එළි දැල්වී නොමැති බැවින් ඊට උරණව සිය දිවි තොරකරගෙන ඇති බවට හෙළිවූ බවත් පොලිසිය සඳහන් කරයි.
මෙම තරුණයාගේ මව මියගොස් ඇති අතර, ඔහුත් ඔහුගේ බාල සොහොයුරාත් හැදී වැඩී ඇත්තේ සහෝදරියගේ නිවෙසේය.
මියගිය තරුණයා ගල්ගමුව පළුකැන්දෑව ප්රදේශයේ පෞද්ගලික ආයතනයක සේවයේ නියුතුව සිටි අයකු බවද ගල්ගමුව පොලිසියය පවසයි.
සිද්ධිය සම්බන්ධ නාන්නෙරිය පොලිසියේ ස්ථානාධිපති පො.ප.ආර්.අයි.
ඩී. ජයරත්න මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.