Home » තරු­ණයා ගෙල වැල­ලා­ගෙන
ටික් ටොක් වීඩි­යෝවේ ත්‍රිරෝ­දයේ විදුලි බුබුළු පත්තු­වීම දර්ශ­නය වෙලා නෑ:

තරු­ණයා ගෙල වැල­ලා­ගෙන

අම්මා කෙනෙක් වගේ බලා ගත්තාට මගේ පඩිය අක්කා ගන්න - සහෝ­ද­රි­යට එස්.එම්.එස්. එකක් යවලා

by Gayan Abeykoon
November 14, 2024 1:17 am 0 comment

තඹු­ත්තේ­ගම - බී.ඩබ්.ඩී. ධර්ම­කීර්ති
මිය­ගිය තරු­ණයා

ත්‍රිරෝද රථ­යක් පද­වා­ගෙන යමින් ටික්ටොක් වීඩි­යෝ­වක් නිර්මා­ණය කර එහි විදුලි බුබුළු දර්ශ­නය නොවීම ගැන උරණ වූ දහ­අට හැවි­රිදි තරු­ණ­යකු ඊයේ (13) පෙර­ව­රුවේ සිය නිවස තුළම ගෙල වැල­ල­ගෙන මිය­ගොස් ඇතැයි නාන්නෙ­රිය පොලී­සිය පව­සයි.

මෙසේ මිය­ගොස් ඇත්තේ ගල්ග­මුව, වන්නි­කු­ඩා­වැව, නොච්චිය ප්‍රදේ­ශයේ පදිංචි කසුන් කවිෂ්ක දිසා­නා­යක (18) නමැති තරු­ණ­යාය.

සිය බාල සොහො­යුරා සමඟ ටික්ටොක් වීඩි­යෝව සඳහා ත්‍රිරෝද රථය ධාව­නය කර ඇති මර­ණ­කරු, රථයේ තිබූ එල්ඊඩී බල්බ පත්තු නොවීම ගැන උරණ වී නි‍ෙවස තුළට ගොස් මිටි­යක් රැගෙන විත් රථ­යට පහ­රදී ඇති බවට කරුණු අනා­ව­ර­ණය වන බව පොලී­සිය සඳ­හන් කරයි.

පසුව ක්ෂණික කෝප­යෙන්ම නි‍ෙවස තුළට ගොස් ඇති මර­ණ­කරු ‘අම්මා කෙනෙක් වගේ බලා ගත්තට මගේ පඩිය අක්කා ගන්න” යැයි සිය සහෝ­ද­රි­යට එස්එ­ම්එස් පණි­වි­ඩ­යක් යවා නි‍ෙවසේ කාම­ර­ය­කට ගොස් ගෙල වැල­ලා­ගෙන ඇතැයි පොලී­සිය පව­සයි.

මෙම ටික්ටොක් වීඩි­යෝව පටි­ගත කර ඇත්තේ මර­ණ­ක­රුගේ බාල සොහො­යුරා බවත්, එම වීඩි­යෝවේ එල්ඊඩී බල්බ එළි දැල්වී නොමැති බැවින් ඊට උර­ණව සිය දිවි තොර­ක­ර­ගෙන ඇති බවට හෙළිවූ බවත් පොලි­සිය සඳ­හන් කරයි.

මෙම තරු­ණ­යාගේ මව මිය­ගොස් ඇති අතර, ඔහුත් ඔහුගේ බාල සොහො­යු­රාත් හැදී වැඩී ඇත්තේ සහෝ­ද­රි­යගේ නිවෙ­සේය.

මිය­ගිය තරු­ණයා ගල්ග­මුව පළු­කැ­න්දෑව ප්‍රදේ­ශයේ පෞද්ග­ලික ආය­ත­න­යක සේවයේ නියු­තුව සිටි අයකු බවද ගල්ග­මුව පොලි­සි­යය පව­සයි.

සිද්ධිය සම්බන්ධ නාන්නෙ­රිය පොලි­සියේ ස්ථානා­ධි­පති පො.ප.ආර්.අයි.

ඩී. ජය­රත්න මහ­තාගේ අධී­ක්ෂ­ණය යටතේ පොලිස් නිල­ධා­රීහු කණ්ඩා­ය­මක් වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT