Thursday, May 8, 2025
Home » සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ ලේකම් ලෙස වෛද්‍ය­ව­රුන් අම­ත­මින් මුදල් ගැරූ කල්ලිය දැලේ

සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ ලේකම් ලෙස වෛද්‍ය­ව­රුන් අම­ත­මින් මුදල් ගැරූ කල්ලිය දැලේ

ලංග­ම­ටත් ඇම­තුම් දී සල්ලි ගැරුවේ මේ පිරි­ස­මයි

by Gayan Abeykoon
November 14, 2024 1:00 am 0 comment

ගයාන් කුමාර වීර­සිංහ, උපාලි කරු­ණා­රත්න

සෞඛ්‍ය අමා­ත්‍යාංශ ලේකම් විශේ­ෂඥ වෛද්‍ය පාලිත මහී­පා­ලගේ නම භාවිත කර­මින්, ඊසි කෑෂ් හරහා වෛද්‍ය­ව­රුන් රව­ට­මින් මුදල් ලබා­ගත් සැක­ක­රු­වන් දෙදෙ­නකු අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­ග­ණක අප­රාධ විම­ර්ශන ඒක­කයේ නිල­ධා­රීන් විසින් ඊයේ (12) අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

රුපි­යල් 20,000 සිට රුපි­යල් ලක්ෂය දක්වා වූ විවිධ ප්‍රමා­ණ­ය­න්ව­ලින් මෙසේ රට පුරාම රෝහ­ල්වල සිටින වෛද්‍ය­ව­රුන් රැස­ක­ගෙන් මුදල් ලබා­ගෙන ඇති බව විම­ර්ශ­න­යේදී හෙළිව තිබේ.

මේ සැක­ක­රු­වන් දෙදෙනා වල­ස්මුල්ලේ පදිං­චි­ක­රු­වන් බවත්, අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් වල­ස්මු­ල්ලට ගොස් ඔවුන් දෙදෙනා අත්අ­ඩං­ගු­වට ගෙන ඇති බවත් පොලිස් තොර­තුරු සඳ­හන් කළේය.

සැක­ක­රු­වන් දෙදෙ­නාම මත්කුඩු භාවි­ත­යට ඇබ්බැහි වී සිටින බව පෙනී ගොස් ඇත. එක් සැක­ක­රු­වකු බන්ධ­නා­ගා­ර­ග­තව සිට ඇප මත සිටින බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි. බන්ධ­නා­ග­ර­ග­තව සිටි­යදී මර­ණීය දණ්ඩ­නය නිය­මව සිර දඬු­වම් ලබ­මින් සිටි පොට්ට නවු­ෆර් නමැති අප­රා­ධ­ක­රුට කල­කට ඉහ­තදී පහර දී තුවාල සිදු කර ඇත්තේද මේ සැක­කරු විසින් බවට තොර­තු­රුද ඇතැයි උසස් පොලිස් නිල­ධා­රි­යෙක් සඳ­හන් කළේය.

රෝහ­ල්වල සේවයේ නිරත වෛද්‍ය­ව­රුන්ගේ දුර­ක­තන අංක සොයා­ගන්නා මේ සැක­ක­රු­වන් එම වෛද්‍ය­ව­රුන්ට දුර­ක­තන ඇම­තුම් දෙමින් තමා සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ ලේක­ම්ව­රයා බව හදුන්වා දෙමින් වෛද්‍ය­ව­රුන් රැව­ටී­ම­කට ලක් කර­මින් මෙම වංචාව සිදු­ක­රන බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි.

දුර­ක­ථන ඇම­තුම දෙන සැක­කරු පෙනී සිටින්නේ දුර බැහැර රෝහ­ලක් පරීක්ෂා කිරී­මට යන අත‍ෙ­තුර වාහ­නය කාර්මික දෝෂ­ය­කට ලක්ව ඒ වන විට ගරා­ජ­ය­කට වාහ­නය රැගෙන ගොස් එතැන සිටින බව කිය­මින් යැයිද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි. තමා අතේ ඇති මුදල් වාහ­නය අලු­ත්වැ­ඩි­යාව කර­ගැ­නී­මට ප්‍රමා­ණ­වත් නොවන බව පව­ස­මින් මෙම සැක­ක­රු­වන් මුදල් ඉල්ලා සිටින්නේ නැවත ලබා­දෙන පොරො­න්දුව මත යැයිද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි.

සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ ලේක­ම්ව­රයා කර­ද­ර­යක වැටී සිටින බැවින් දෙව­රක් නොසිතා බොහෝ වෛද්‍ය­ව­රුන් සැක­ක­රු­වන් දෙන දුර­ක­තන අංක­ව­ලට ඊෂි කෑෂ් ක්‍රම­යට මුදල් බැර­කර ඇති බව ද විම­ර්ශ­න­යේදී අනා­ව­ර­ණය වී තිබේ.

මේ සම්බ­න්ධ­යෙන් සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ ලේකම් පාලිත මහී­පාල මහතා තොර­තුරු දැන­ගෙන ඇත්තේ මෙම වංචා­වට හසුවූ වෛද්‍ය­ව­රුන් මගිනි. තමා එසේ වාහ­න­යක් ආප­දා­වට ලක්ව ඇතැයි පව­ස­මින් වෛද්‍ය­ව­රු­න්ගෙන් මුදල් ලබා­ගෙන නැති බැවින් ඔහු ඒ බව වැඩ බලන පොලි­ස්ප­ති­ව­ර­යාට පැමි­ණිලි කිරී­මට පිය­වර ගෙන තිබේ. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට එම පැමි­ණිල්ල පොලි­ස්ප­ති­ව­රයා යොමු කිරී­මෙන් පසුව කළ විම­ර්ශ­න­යක ප්‍රති­ඵ­ල­යක් ලෙස සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකි­යාව ලැබී ඇත.

පසු­ගිය දින­වල ලංගම ඩිපෝ­ව­ලට දුර­ක­තන ඇම­තුම් දෙමින්ද මේ ආකා­ර­යට මුදල් වාංචා කර ඇත්තේද මේ සැක­ක­රු­වන් දෙදෙ­නාම බව විම­ර්ශ­න­යේදී හෙළි වී තිබේ. මේ සඳහා ඔවුන් භාවිත කළ ජංගම දුර­ක­තන පවා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සිය භාර­යට ගෙන ඇත. මේ සැක­ක­රු­වන් දෙදෙනා මෙසේ ලබා­ගත් මුදල් මත්කුඩු භාවි­ත­යට වැය කර ඇති බව පෙනී ගොස් ඇති අතර, අත්අ­ඩං­ගු­වට ගන්නා අව­ස්ථාවේ මත්ද්‍රව්‍ය යම් ප්‍රමා­ණ­යක් ඔවුන් සතුව තිබී සොයා­ගෙන තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT