Home » නුගේ­ගොඩ නාල­න්දා­රා­මයේ ලක්ෂ හතක බඩු සොරා­ගත් අය තවම හසු වී නෑ

නුගේ­ගොඩ නාල­න්දා­රා­මයේ ලක්ෂ හතක බඩු සොරා­ගත් අය තවම හසු වී නෑ

by Gayan Abeykoon
November 14, 2024 1:00 am 0 comment

රක්ෂණ ශ්රියන්ත

නුගේ­ගොඩ නාල­න්දා­රාම විහා­ර­ස්ථා­නයේ කිරි­ග­රුඬ බුදු පිළි­ම­යක් ඇතුළු වටිනා උප­ක­රණ සොර­කම් කිරීම සම්බ­න්ධ­යෙන් සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට කොහු­වල පොලිස් ස්ථානය මඟින් විම­ර්ශ­න­යක් ආරම්භ කර තිබේ.

පසු­ගිය 05 වැනිදා සහ 11දින අතර මෙම සොර­කම සිදුව ඇති බවට පොලී­සි­යට පැමි­ණිලි කර ඇති අතර සොර­කම් කර ඇති භාණ්ඩ­වල මුළු වටි­නා­කම රුපි­යල් 750,000ක් බවට නාහි­මි­යන් ප්‍රකාශ කර ඇති බව පොලී­සිය පව­සයි.

විහා­ර­ස්ථා­නයේ සම්ම­න්ත්‍රණ ශාලා­වක විවෘත ජනේ­ල­ය­කින් ඇතු­ළුවී ස්පීකර් යන්ත්‍ර­යක්, කිරි­ග­රුඬ බුදු පිළි­ම­යක් සහ වතුර ෆිල්ට­ර­යක් සොරා­ගෙන ගොස් ඇති බවට පොලී­සි­යට පැමි­ණිලි කර තිබේ.

සැක­ක­රු­වන් හඳු­නා­ගෙන නොමැති අතර සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට කොහු­වල පොලිස් ස්ථානය මේ වන විට විම­ර්ශන ආරම්භ කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT