නුගේගොඩ නාලන්දාරාම විහාරස්ථානයේ කිරිගරුඬ බුදු පිළිමයක් ඇතුළු වටිනා උපකරණ සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කොහුවල පොලිස් ස්ථානය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පසුගිය 05 වැනිදා සහ 11දින අතර මෙම සොරකම සිදුව ඇති බවට පොලීසියට පැමිණිලි කර ඇති අතර සොරකම් කර ඇති භාණ්ඩවල මුළු වටිනාකම රුපියල් 750,000ක් බවට නාහිමියන් ප්රකාශ කර ඇති බව පොලීසිය පවසයි.
විහාරස්ථානයේ සම්මන්ත්රණ ශාලාවක විවෘත ජනේලයකින් ඇතුළුවී ස්පීකර් යන්ත්රයක්, කිරිගරුඬ බුදු පිළිමයක් සහ වතුර ෆිල්ටරයක් සොරාගෙන ගොස් ඇති බවට පොලීසියට පැමිණිලි කර තිබේ.
සැකකරුවන් හඳුනාගෙන නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කොහුවල පොලිස් ස්ථානය මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ.